තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අල - මිරිස් - ලූනු ආදි බෝග 7ක බීජ ආනයනයත් සීමා වෙයි

    අල – මිරිස් – ලූනු ආදි බෝග 7ක බීජ ආනයනයත් සීමා වෙයි

    දේශීයව නිපදවිය හැකි බෝග වර්ග 07ක බීජ ආනයනය ලබන වසරේදී සීමා කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

    අල, බී ලූණු, මිරිස්, රතු ලූණු, උඳු, බඩඉරිඟු, හා රට කජු යන බීජ ආනයනය සීමා කරන බවද අමාත්‍යවරයා සදහන් කළේය.

    කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පවසා ඇත.

    මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම මගින් 2024 වසර වන විට මිරිස් ආනයනය සම්පූර්ණයෙන් නතර කිරීමට හා අල, ලූනු ආනයනය 35% හා 30 % කට සීමා කිරීමට ද කටයුතු කළ හැකිවනු ඇතැයි එහිදී අදහස් දක්වමින් කෘෂිකාර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා තිබේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img