තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අලුත උපන් සතුන්ට නම් තබන්න පුංචි දරුවන්ට අවස්ථාව

    අලුත උපන් සතුන්ට නම් තබන්න පුංචි දරුවන්ට අවස්ථාව

    දෙහිවල සත්වෝද්‍යානයේ පසුගියදා උපත ලද සතුන් පස් දෙනෙකුට නම් තැබීම සඳහා කුඩා දරුවන්ට අවස්ථාවක් ලබාදීමට තීරණය කළ බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂික ශර්මිලා රාජපක්ෂ මහත්මිය පැවසුවාය.

    මෙම සතුන් පස් දෙනාට නම් තැබීමට වයස අවුරුදු 18 න් පහළ දරුවන්ට මෙලෙස අවස්ථාව ලැබෙන බවද ඇය සදහන් කළාය.

    ඒ අනුව හිපපොටේමස්, ඇරැබියන් ඔරිකස්, සිලු වඳුරු පැටවුන් දෙදෙනෙකු සහ බූරු පැටවෙකුට නම් තැබීමට අවස්ථාව දරුවන්ට හිමි වේ.

    එළඹෙන නත්තල් දිනයදා නම් තැබීම සිදුකරන බැවින් මෙම මස 20 වනදාට ප්‍රථම සුදුස නමක් යෝජනා කර එවන ලෙස ශර්මිලා රාජපක්ෂ මහත්මිය ඉල්ලා සිටියාය.

    සත්ත්ව පැටවාට යෝජිත නම යොමු කරන්නාගේ නම, වයස, පාසල සහ ලිපිනය සඳහන් කර 070 698 84 48 යන අංකයට කෙටි පණිවුඩයක් ලෙස යොමු කිරීමට හැකියාව පවතියි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img