තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සටන් නළු කුමාර රණේපුර ජීවිත සටනට තිත තබයි

    සටන් නළු කුමාර රණේපුර ජීවිත සටනට තිත තබයි

    ප්‍රවීණ සිනමා සටන් නළුවකු වූ කුමාර රණේපුර මහතා අද (10) අභාවප්‍රාප්ත වුණා.

    කලපළුවාව ශ්‍රී සිද්ධාර්ථ මහා විදුහලෙන් හා දෙමටගොඩ ශාන්ත මැගසින් මැතිව්ස් විදුහලෙන් අධ්‍යාපනය හැදෑරූ ඔහු 1980 දශකයේ ටෙලි නාට්‍යවල රංගනයට එක් වුණා.

    කුමාර රණේපුර වැඩිවශයෙන්ම ප්‍රේක්ෂකයා අතර ජනප්‍රිය වූයේ සටන් නළුවකු වශයෙනි.

    කලු සුදු මල් සිනමා පටයෙන් සිනමාවට එක්වූ ඔහු තුෂාර (නව නිෂ්පාදනය ) ජොලි හලෝ, විශ්ම රාත්‍රිය, ධවල පවුරැ, රජ හොරු, උලත් එකයි පිලත් එකයි වැනි සිනමාපට රාශියක රංගනයෙන් දායක වුණා.

    ජීවන් කුමාරතුංග අධ්‍යක්ෂනය කළ ජීවා ඔහු රගපෑ අවසන් සිනමාපටයයි. එහි රඟපාන අතරතුර අනතුරකට මුහුණ දුන් කුමාර රණේපුර වසර තුනකට අධික කාලයක් එක්තැන්ව ප්‍රතිකාර ලැබුවා.

    එක් දියණියකගේ පියකු වන කුමාර රණේපුරගේ අවසන්කටයුතු පසුව දැනුම් දීමට නියමිතයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img