තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හෙලිකොප්ටර් අනතුරින් ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ජීවිතක්ෂයට

    හෙලිකොප්ටර් අනතුරින් ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ජීවිතක්ෂයට

    ඉන්දියාවේ තමිල්නඩුවේදී කඩා වැටුනු හෙලිකොප්ටරයේ ගමන්ගත් ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවට් මරණයට පත්ව ඇති බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය තහවුරු කරයි.  

    ජෙනරාල් රාවට් සමඟ එම හෙලිකොප්ටරයේ ගමන් ගත් ඔහුගේ බිරිද එම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇති බවද ඉන්දීය ආරක්ෂ අංශය සඳහන් කරයි.

    හෙලිකොප්ටරය කඩා වැටෙන අවස්ථාවේදී ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා සමග තවත් 13 දෙනෙකු ගමන් ගෙන ඇති බවද වාර්තවේ.

    මෙම අනතුරින් 13 දෙනෙකු මරණයට පත්ව ඇති බවත් අනතුරින් දිවිගලවාගත් ඉන්දීය ගුවන් හමුදාවේ ගෘප් කපිතාන්වරයාද දැඩි පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවද ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

    අනතුරට පත්ව ඇත්තේ රුසියාවේ නිෂ්පාදිත ඉන්දීය ගුවන් හමුදාවට අයත් හොලිකොප්ටරයකි.

    63 හැවරිදි වියේ පසුවූ ජෙනරාල් රාවට් පළමු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා වන අතර ඔහු 2019 වර්ෂයේදී එම තනතුරට පත් කරනු ලැබීය

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img