තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ගමන් ගත් හෙලිකොප්ටරය කඩාවැටෙයි

    ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ගමන් ගත් හෙලිකොප්ටරය කඩාවැටෙයි

    ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවට් ඇතුළු 13 දෙනෙකු ගමන්ගත් හෙලිකොප්ටර්ය තමිල්නාඩුව ආසන්දයේදී කඩා වැටී ඇති බව එරට ගුවන් හමුදාව ප්‍රකාශ කරයි.

    හෙලිකොප්ටරය කඩා වැටුනු ස්ථානයෙන් මේවන විට සිරුරු පහක් හමුවී ඇති බවත් තවත් පුද්ගලයින් දෙදෙනෙකු රෝහලගත කර ඇති බවද ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

    රෝහල්ගත කළ දෙදෙනා අධික පිළිස්සුම් තුවාල ලබා ඇති බවත් තවත් හත් දෙනෙකු සොයා මේවන විටත් විශාල සොදිසි මෙහෙයමුක් ක්‍රියාත්මක කර ඇති බවද ඉන්දීය ආරක්ෂක අංශ පවසයි.

    අනතුරට පත් හෙලිකොප්ටරයේ ජෙනරාල් රාවට්ගේ බිරිඳ, ඔහුගේ ආරක්ෂාවට සිටි කොමාන්ඩෝ භටයින් සහ ගුවන් හමුදා සාමාජිකයින්ද ගමන් කර ඇති බවට වාර්තාවේ.

    මෙම පිරිස ඉන්දීය ගුවන් හමුදාවට අයත් එම් අයි 17 පී5 වර්ගයේ හොලිකොප්ටරයක ගමන් කර ඇති බවද එරට ආරක්ෂක අංශ පවසයි.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img