තවත්
    මුල් පිටුවCOVIDදකුණු අප්‍රිකානු නව කොරෝනා ප්‍රභේදය 'ඔමික්‍රොන්' ලෙස නම්කරයි

    දකුණු අප්‍රිකානු නව කොරෝනා ප්‍රභේදය ‘ඔමික්‍රොන්’ ලෙස නම්කරයි

    දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් නව කොරෝනා වෛරස ප්‍රභේදය ඔමික්‍රොන් ලෙසින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර තිබේ.

    ඒ අනුව මෙම නව ප්‍රභේදය සැලිකිලිමත්විය යුතු ප්‍රභේදයක් ලෙසද ඊයේ (26) රැස්වූ ලෝක සෞඛ්‍ය සංවිධන හදිසි රැස්වීමේදී නම් කර ඇති බවට වාර්තාවේ.

    ඔමික්‍රෝන් ප්‍රභේදය මෙතෙක් හඳුනාගත් කොරෝනා වෛරස ප්‍රභේද වලට සාපෙක්ෂව වැඩි විකෘති වීම සංඛ්‍යාවක් පෙන්නුම් කරන බවත් එය පැතිරයාමේ වේගය වැඩි බවත් විද්‍යාඥයින් පෙන්වාදෙයි.

    ඉකුත් 24 වැනිදා මෙම ප්‍රභේදය සම්බන්ධයෙන් මුල් වරට ලෝක සෞඛ්‍ය සංවිධානයට දකුණු අප්‍රිකාව දැණුම්දී තිබූ අතර දකුණු අප්‍රිකාවේ මෙන්ම බොට්ස්වානා, හොංකොන් සහ බෙල්ජියමෙන් මෙම නව ප්‍රභේදය ආසාදනය වූවන් හදුනාගෙන තිබේ.

    මේත් සමඟ බි්‍රතාන්‍ය ඇතුලු රටවල් රැසක් මේවන විටත් දකුණු අප්‍රිකාවෙන් පැමිණෙන සංචාරකයින්ට සිය දේශ සීමා වසා දැමීමට තීරණය කර ඇත.

    එසේම ඊයේ රාත්‍රියේදී ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින්ද දකුණු අප්‍රිකාව සහ තවත් ඊට ආසන්න රටවල් අටක සිට පැමිණෙන සංචරකයින්ට රටතුලට ඇතුලු වීම එළැඹෙන සදුදා සිට දේශ සීමා වසා දැමීමට තීරණය කර තිබේ.

    කෙසේ වෙතත් ඇතැම් පාර්ශව විසින් දකුණු අප්‍රිකාවෙන් පැමිණෙන ජනයාට දේශ සීමා වැසීම විවේචනය කර ඇති අතර තවත් පර්ශවයින් මේවන විටත් වෛරසය වෙනත් රටවලට පැතිර ගොස් ඇති බවටද සැක පළකරයි.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img