දිවයිනේ සියලුම ත්‍රිරෝද රථ වලට ලබන ජනවාරි (1) වැනිදා සිට මීටර් සවි කළ යුතු වන නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.
ඒ අනුව පළමුවෙන් ජනවාරි 1 වැනිදා බස්නාහිර පළාතේ ත්‍රීරෝද රථවලට මීටර් සවිකිරීම අරඹන බව කී රාජ්‍ය අමාත්‍යවරයා මාස තුනක් ඇතුළත දිවයිනේ සියලුම ත්‍රීරෝද රථවලට සවිකිරීම අවසන් කරන බවද සඳහන් කළේය.
ඒ අනුව ඉදිරියේදී මීටර් සවි නොකර ධාවනය වන ත්‍රිරෝද රථ අත්අඩංගුවට ගැනීම සදහා නීති සකස් කර ඇති බවද දිලුම් අමුණුගම මහතා පැවසීය.