තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බෝට්ටුවෙන් කැනඩා යන්න ගිහින් හසුවූ අය අතර ප්‍රබල කොටියෙක්

    බෝට්ටුවෙන් කැනඩා යන්න ගිහින් හසුවූ අය අතර ප්‍රබල කොටියෙක්

    මීගමුවෙන් බහුදින යාත්‍රාවක නැගී කැනඩාව බලා යමින් සිටි පිරිසක් අයහපත් කාලගුණය හේතුවෙන් දින 04 කට පසු හලාවතින් ඉකුත් 09 වෙනිදා ගොඩබිමට පැමිණි අවස්ථාවේදී නාවික හමුදාවට කොටුවූ 19 දෙනා අතර ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි ප්‍රබල එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් සිටින බව හදුනාගෙන තිබේ.

    මුත්තුසාමි රාජ්කුමාර නොහොත් කන්නන් නැතහොත් උත්තමන් නැමැති එම එල්.ටී.ටී.ඊ.යේ ප්‍රබලයා යුද සමයේදී සිවිල් සහ හමුදා සාමාජිකයන් ඉලක්කරමින් කළ පිපිරවීම් රැසකට සම්බන්ධ අයෙක් බව පොලීසියේ ප්‍රමුඛතම බුද්ධි අංශයක් වන විශේෂ කාර්යාංශයේ හලාවත ඒකකයේ නිලධාරීන් විසින් හදුනාගෙන ඇත.

    නාවික හමුදාවේ සාමාජිකයින් සියයකට වැඩි පිරිසකට ජීවිත හානිකරමින් දිගම්පතන දී එල්ලකල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය, දඹුල්ල බස් නැවතුම් පොලදී මගී බස් රථයක බෝම්බ අටවා පුුපුරවා හැරීම, පොල්ගොල්ලේදී මගී බස් රථයක තැබූ බෝම්බක් පුපුරවා හැරීම, ඇතුළු මාතලේ සහ මහනුවර පිහිටි ට්‍රාන්ස්පෝමර් කිහිපයක් පුපුරවා හැරීමට මෙම එල්.ටී.ටී.ඊ. සාමාජිකයා සම්බන්ධ බව හෙළිවී තිබේ. ඒ සම්බන්ධයෙන් වීවෘත වරෙන්තු 07 ක් අධිකරණවලින් මොහුට එරෙහිව නිකුත්ව තිබෙන බවද උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය.

    මෙම එල්.ටී.ටී.ඊ.යේ ප්‍රබලයා උකුවෙල පදිංචිකරුවෙක් වූවත් මේ වන විට සිට ඇත්තේ වත්තල ප්‍රදේශයේය.

    මෙම එල්.ටී.ටී.ඊ. ප්‍රබලයා ඇතුළු පිරිස ඉකුත් 05 වෙනිදා මීගමුවෙන් බහුදින යාත්‍රාවක නැගී කැනඩාව බලා ගමන් කර ඇති අතර ඉන්දියානු සීමාවේදී නෞකාවකට මෙම පිරිස ඇතුළු කිරීමේ සූදානමක් තිබී ඇත. අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ අදාල නෞකාව නොපැමිණීම නිසා ඔවුන්ට දින කිහිපයක් මුහුදේ ගතකිරීමට සිදුව ඇති බවත් පසුව ඔවුන්ගේ කැමැත්තෙන්ම නැවත ගොඩබිමට පැමිණ ඇති බවත් විමර්ශන වලින් අනාවරණය වී තිබේ. ඔවුන් ගොඩබිමට පැමිණ ඇත්තේ කුඩා බෝට්ටුවලින් බවත් ඔවුන් මීගමුවෙන් ගමන් කළ බහුදින යාත්‍රාව ආරක්ෂක අංශ භාරයට ගෙන මේ වන විට දික්ඕවිට වරාය‍ෙවෙරළාරක්ෂක බලකායේ ආරක්ෂාකව යටතතෙි බව සදහන්ය. එම යාත්‍රාව වෙන්නප්පුව නයිනමඩමේ පුද්ගලයෙකුට අයත් එකක් බව ද අනාවරණය වී ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img