තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හම්බන්තොට වරාය කර්මාන්තපුරයට චීනය මුලපුරයි

    හම්බන්තොට වරාය කර්මාන්තපුරයට චීනය මුලපුරයි

    හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) විසින් හම්බන්තොට වරාය සහ එහි කර්මාන්ත කලාපය සැහැල්ලු කර්මාන්ත පිහිටුවීමේ තෝතැන්නක් ලෙස ප්‍රවර්ධනය කිරීමට තීරණය කර තිබේ.

    ඒ වෙනුවෙන් පුළුල් ප්‍රවර්ධන සැලැස්මක් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව දක්ෂ ආයෝජකයින් රැසක් සමඟ කර්මාන්ත කලාපයට සෘජු ආයෝජන ගෙන්වා ගැනීම සඳහා සාකච්ඡා සිදු වෙමින් පවතී.

    “නැගෙනහිර චීනය, බේජිං, ටියැන්ජින් සහ හෙබෙයි, යැංසි ගංගා ඩෙල්ටා සහ පර්ල් ගංගා ඩෙල්ටා කලාපයේ ආයෝජකයින්, රාජ්‍ය අංශ සහ කර්මාන්ත සංගම් ඇතුළු ව්‍යවසායකයන් සහ රාජ්‍ය ආයතන 100 කට වැඩි ප්‍රමාණයක් සමඟ අප දැනටමත් සම්බන්ධ වී ඇත. අප කර්මාන්ත ආශ්‍රිත සිදු කළ පර්යේෂණ සහ ආයෝජන ප්‍රවර්ධන ක්‍රියාකාරකම් මගින් අප වටහා ගත් කරුණක් වන්නේ, විදෙස් ආයෝජකයින් ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස දැන සිටියද, හම්බන්තොට වරාය සහ එහි අවස්ථා පිළිබඳව දන්නේ අල්ප වශයෙනි. ශ්‍රී ලංකාව කාර්මික හා ව්‍යාපාර අංශයන්ගෙන් ලෝකයට විවෘත විය හැක. ඔවුන් ශ්‍රී ලංකාවේ ආයෝජන පරිසරය සහ හම්බන්තොට වරාය සතු විදේශ ආයෝජන අවස්ථා පිළිබඳව නොදන්නා අතර,එම තත්වය නැති කිරීමට අප පිළියම් කළ යුතු”, බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයයේ වරාය ආයෝජන සේවා සාමාන්‍යාධිකාරී, ජස්ටින් ෂැං පවසයි.

    “විවිධ කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය සපයන්නන් රාශියක් සිටින වෙළඳපල තත්ත්වයන්වලට හුරු වී සිටින චීන අයෝජකයින් හට අමුද්‍රව්‍ය හිඟයකට මුහුණ දීමට සිදු නොවේ. ආයෝජන මෙරටට ගෙන ඒමට සමගාමීව මෙවැනි පරිසරයක් ශ්‍රී ලංකාව තුළද ඇති කිරීම සඳහා, හම්බන්තොට වරාය ක්‍රියා කරන අතර එය අපගේ ප්‍රධාන සැලැස්මේද කොටසක්”, යැයි එහි ආයෝජන සේවා, නීති හා ආයතනික කටයුතු පිලිබඳ ජ්‍යේෂ්ඨ සමාන්‍යාධිකාරි ටිම් ෂියාඕ මහතා සඳහන් කරයි.

    දැනට හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ආයෝජන කණ්ඩායම , වරාය ආශ්‍රිත කර්මාන්තයන්හි නිෂ්පාදන හා බෙදාහැරීම් කටයුතු පිළිබඳව වරායේ ප්‍රධාන සැලැස්මට ගැලපෙන විවිධ කර්මාන්ත කලාපය තුලට ආකර්ෂණය කරගැනීමේ කටයුතු වල නිරතව සිටී. රබර් හා ටයර්, විදුලි වාහන, ඉලෙක්ට්‍රොනික උපකරණ, ගෘහ විදුලි උපකරණ, ගොඩනැගිලි සඳහා අවශ්‍ය ද්‍රව්‍ය, හා නැනෝ ද්‍රව්‍ය යනාදිය නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලා කර්මාන්ත කලාය සඳහා වඩාත් ගැලපෙනු ඇත. බදු සහන, අඩු ශ්‍රම පිරිවැය, උපයෝගිතා යනාදිය මෙන්ම මෙරට නිදහස් වෙළඳ ගිවිසුම් වලින් හිමිවන ප්‍රතිලාභ සම්බන්ධයෙන් ආයෝජකයින් දැනුවත් කෙරේ. බහුකාර්ය සැපයුම්, වරාය පහසුකම් සහ වරායට යාබද කර්මාන්ත පුරය මගින් හිමි වන අනෙකුත් ප්‍රතිලාභ සමඟින් හම්බන්තොට වරායේ උපායමාර්ගික පිහිටීම ආයෝජකයින්ට අමතර වාසියක් බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය සදහන් කරයි.

    “ශ්‍රී ලංකාවට සෘජු විදෙස් ආයෝජන ගෙන ඒමේ අපගේ මූලික අරමුණ වන්නේ ශ්‍රී ලාංකීය සහ විදේශීය හවුල්කරුවන් විවිධ කර්මාන්ත ක්ෂේත්‍රවල සම්බන්ධ කිරීම වන අතර එමඟින් රට තුළ සතු පූර්ණ හැකියාවන් අවබෝධ වනු ඇත. ආයෝජකයින් වෙත ළඟා වන විට, අපි සාමාන්‍යයෙන් හඳුන්වා දෙන්නේ “HIP Speed” සංකල්පය වන අතර එයට ශ්‍රී ලංකාවේ සහ චීනයේ අපගේ වෘත්තීය සහ කාර්යක්ෂම ව්‍යාපෘති මෙහෙයුම සහ “එක් නැවතුම්පොළක” පහසුකම (One-stop Service facility) ඇතුළත් වේ. අපගේ ‘Park in park ‘ (කලාපයක් තුළ කලාපයක්) නිෂ්පාදන කම්හල් ජාලයක්, ලංකා ටයර් නිෂ්පාදන ව්‍යාපෘතිය සහ සී හෝර්ස් යොට්ස් පුද්ගලික සමාගමේ නවීන මුහුදු යාත්‍රා නිපදවිමේ අංගණ ව්‍යාපෘතිය “HIP Speed” ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ උදාහරණ ලෙස අපි පෙන්වා දෙනු ලබන” බව ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු කියා සිටී.

    “ශ්‍රී ලාංකීය ආයෝජකයින්ට ජයග්‍රාහී විසඳුම් නිර්මාණය කරන සැපයුම් දාමයන් ශක්තිමත් කිරීම සඳහා කර්මාන්තශාලා පිහිටුවීමට මෙන්ම එතුළින් දකුණු පළාතේ නිපුණතා සහිත රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් උදා වන බවයි. “අපගේ එක් ප්‍රධාන අරමුණක් වන්නේ හම්බන්තොට ජාත්‍යන්තර වරාය දකුණු අභ්‍යන්තරයට පිවිසුම් වරායක් බවට පත් කිරීමයි. ඒ සඳහා සුමට සැපයුම් දාමයකට තවත් කර්මාන්ත ඒකාබද්ධ කරමින් ශ්‍රී ලංකාව සඳහා දැවැන්ත අපනයන වෙළෙඳපොළක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය” බව ප්‍රධාන විධායක නිලධාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img