තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලිස් වෙසින් පුද්ගලයෙක් පැහැරගෙන රුපියල් මිලියනයක කප්පමක් ගත් සැකකරුවන් කොටුවේ

    පොලිස් වෙසින් පුද්ගලයෙක් පැහැරගෙන රුපියල් මිලියනයක කප්පමක් ගත් සැකකරුවන් කොටුවේ

    පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පුද්ගලයෙක් පැහැරගෙනගොස් රුපියල් මිලියනයක කප්පමක් ලබාගැනීමකට සම්බන්ධ තිදෙනෙක් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

    ග්‍රෑන්ඩ්පාස් මෝල වත්තේ පදිංචිකරුවෙකුව එසේ පැහැර ගැනීමකට ලක්ව ඇත්තේ ඉකුත් 21 වෙනිදාය. මාබෝලේ පිහිටි නිවසක එම පුද්ගලයාව සිරකර තබාගෙන රුපියල් මිලියනයක් ඉල්ලා නිවැසියන්ට ඇමතුම් දී ඇති බවත් පොලීසියට දැනුම්දීමක් කළහොත් පැහැර ගැණුනු පුද්ගලයාව මරා දමන බවටත් තර්ජනය කර තිබේ.

    ඒ අනුව නිවැසියන් රුපියල් මිලියනයේ මුදල ඔවුන් විසින් සදහන් කළ බැංකු ගිණුමක තැන්පත්කර ඇත. එම මුදල් බැංකු ගිණුම් ගතවීමෙන් අනතුරුව පැහැර ගැනීමට ලක්වුණු පුද්ගලයාව කොළඹ මීගමුව මාර්ගයට රැගෙනවිත් අතහැර දමා ඇත්තේ ත්‍රී රෝද රථයක නැගී නිවසට යන ලෙසට රුපියල් 1000 ක මුදලක්ද ලබාදෙමිණි.

    මේ සම්බන්ධයෙන් පැහැරගැනීමට ලක්වුණු පුද්ගලයා විසින් ඊයේ ග්‍රෑන්ඩ්පාස් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව එම පුද්ගලයාව පැහැරගත් තිදෙනෙක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. වත්තල පදිංචිකරුවන් වන ඔවුන් අවුරුදු 28, 35 හා 44 යන වයස්වල පසුවන්නන්ය.

    විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ පෞද්ගලික ආරවුලක් මත මෙම පැහැර ගැනීම සිදුව ඇති බවකි.

    සැකකරුවන් අද මාළිගාකන්ද අධිකරණයට ඉදිරිපත්කරන බව පොලීසිය සදහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img