fbpx
තවත්
    මුල් පිටුවCOVIDසෑම මිනිත්තු 5 කටම වරක් රොමේනියාවේ කොරෝනා මරණයක්

    සෑම මිනිත්තු 5 කටම වරක් රොමේනියාවේ කොරෝනා මරණයක්

    කොරෝනා වෛරසය මේවන විට සමස්ථ රොමේනියාවම වසාගෙන ඇති බවත් රෝහල්වල ධාරිතාව උපරිම මට්ටමට පත්වෙමින් සෑම මිනිත් පහකට වරක් කොරෝනා වෛරසයෙන් එක් අයෙකු මරණයට පත්වෙන තත්ත්වයක් නිර්මාණය වී ඇති බව වාර්තාවේ.

    ඒ අනුව මේවන රෝගීන්ට රෝහල් වල බිම වැතිර සිටීම සිදුවී ඇති බවත් සියලුම දැඩිසත්කාර ඒකක පිරී ගොස් ඇති බැවින් මේවන විට එරට තුල විශාල සෞඛ්‍ය අර්බුදයක් නිර්මාණය වී ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

    ගතවූ පැය විසි හතරක කාලය තුලදී පමණක් ආසාදිතයින් දහ අටදහසකට අධික පිරිසක් සහ පුද්ගලයින් පන්සියකට අධික පිරිසක් මරණයට පත්ව ඇති බව රොමේනියාවේ නිල සෞඛ්‍ය දත්ත වාර්තා කර තිබේ.

    යුරෝපා සංගමයේ අවම කොරෝනා මර්ධන එන්නත්කරණය වර්තාවන්නේද රොමේනියාවේ වන අතර සමස්ථයක් ලෙස ගත් කළ යුරෝපා සංගමය තුල වැඩිහිටි ජනගහනයෙන් සියයට හැත්තෑවකට අධික පිරිසක් පූර්ණ එන්නත්කරණයකට ලක්ව තිබුනද රොමේනියාවේ එම අගය සියයට තිස් හයක් වැනි පහත අගයක් පවතී.

    මේ අතර පවතින තත්ත්වය අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේසඥයෙක් දින 60 නිරීක්ෂණයක් සඳහා පසුගියදා රොමේනියාවට පැමිණ ඇති අතර එහිදී ඔහු එරට තත්ත්වය පිළිබඳ විශේෂ අධ්‍යනයක් කිරීමට නියමිතය.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.