fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සිම්බාබ්වේ එන්නත් නොගත් රාජ්‍ය සේවකයින්ට වැඩවරදින ලකුණු

    සිම්බාබ්වේ එන්නත් නොගත් රාජ්‍ය සේවකයින්ට වැඩවරදින ලකුණු

    කොරෝනා මර්දන එන්නත් ලබානොගත් සිම්බාබ්වේ රාජ්‍ය සේවකයින්ට රාජකාරිවලට වාර්තා කිරීමත් වැටුම් ගෙවීම අත් හිටුවීමට එරට රජය තීරණය කර ඇත.

    සිම්බාබ්වේ ජනාධිපතිවරයා විසින් සැප්තැම්බර් 14 වැනිදා විශේෂ කැබිනට් පත්‍රිකාවක් නිකුත් කරමින් නිවේදනය කර සිටියේ මාසයක කාලයක් ඇතුලත සියලුම රාජ්‍ය සේවකයින් එන්නත් ලබාගත යුතු බවයි.

    අදාල කැබිනට් පත්‍රිකාව මගින් එන්නත් ලබානොගත් රාජ්‍ය සේවකයින්ට සේවයට වාර්තා කිරීමට අවසර නොදීමටත් ඒ අනුව ඔවුන්ට වැටුප් නොගෙවීමටත් තීරණය කර ඇති බවද සදහන්‍.

    මෙම තීරණය මගින් එරට තුල පුද්ගලයින් එන්නත් ලබා ගැනීමට පෙළඹවීමත් ඒ සඳහා විශ්වාසයක් ඇති කරලීමත් අරමුණ වී ඇති බව සිම්බාබ්වේ රජය පෙන්වා.දෙයි.

    කෙසේවෙතත් රජයේ මෙම තීරණයට එරෙහිව එරට වෘත්තීය සංගම් අධිකරණ ඉදිරියට ගොස් ඇති බවද වාර්තා වේ.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.