තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගුරු වැටුප් වැඩිකළොත් මසකට බිලියන 33ක්

    ගුරු වැටුප් වැඩිකළොත් මසකට බිලියන 33ක්

    ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් වැඩිකිරීම පිළිබඳ සොයාබැලීමට පත් කළ අමාත්‍ය අනුකමිටුවේ යෝජනාවට අනුව ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ට වැටුප් වැඩිවීම සඳහා මසකට රුපියල් බිලියන 33ක් වැයවන බව ගණන් බලා ඇතැයි ආණ්ඩුවේ ආරංචිමාර්ග සඳහන් කරයි

    අමාත්‍ය අනුකමිටුවේ යෝජනාවට අනුව ගුරුවරයකුගේ වැටුප රුපියල් 6000 සිට 11500 දක්වාද විදුහල්පතිවරයෙකුගේ වැටුප රුපියල් 6000 සිට 12000 දක්වාද වැඩිවන බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

    මේ අතර අමාත්‍ය අනුකමිටුව යෝජනා කර ඇත්තේ ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් වැඩිවීම අදියර කීපයකින් සිදු කළ යුතු බව ය.

    එහෙත් ගුරු සංගම් ඉල්ලා සිටින්නේ එම වැටුප් යෝජනාව එක අදියරකින් ක්‍රියාවට නැංවිය යුතු බවය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img