තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වයඹ සරසවි වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකය තාම නෑ

    වයඹ සරසවි වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකය තාම නෑ

    වයඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අයත් මහාචාර්ය ඒකකය කුරුණෑගල මහරෝහලේ ස්ථාපිත කරන ලෙස ඉල්ලා සිටියද ඒ සඳහා සෞඛ්‍ය බලධාරීන් කිසිදු පියවරක් ගෙන නැතැයි කුරුණෑගල මහ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දයානන්ද බණ්ඩාර මහතා පැවසීය .

    වයඹ වෛද්‍ය පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබන සිසුන්ට ලබන වසරේ සිට මහාචාර්ය ඒකකයක පුහුණුව ලැබීම අනිවාර්යය නමුත් මේ දක්වා එවැනි ඒකකයක් ස්ථාපිත කිරීමට මුල් ගලක් හෝ තබා නැතැයි ද නැතැයිද විශේෂඥ වෛද්‍ය දයානන්ද බණ්ඩාර මහතා කීය.

    වයඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකය කුලියාපිටිය රෝහලේ ස්ථාපිත කරන ලෙසත් පිරිසක් පවසන අතර තවත් පිරිසක් එය කුරුණෑගල මහරෝහලේ ස්ථාපිත කළ යුතු බවට තර්ක කරමින් සිටින බවට ඔහු කිය කෙසේ වෙතත් මහාචාර්ය ඒකකයක් පිහිටුවීම සදහා සඳහා සුදුසුකම් ඇත්තේ සහ පහසුකම් ඇත්තේ කුරුණෑගල මහරෝහලේ බවද හෙතෙම සඳහන් කළේය.

    ඉක්මනින් වයඹ වෛද්‍ය පීඨයට මහාචාර්ය කගේ කුරුණෑගල රෝහලේ ස්ථාපනය කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද විශේෂඥ වෛද්‍යවරයා කීය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img