fbpx
තවත්
    මුල් පිටුවspecialපුංචි පැටියාට භාවිතයට ගන්නා නැපි නැත්නම් ඩයපර් ගැනයි මේ …

    පුංචි පැටියාට භාවිතයට ගන්නා නැපි නැත්නම් ඩයපර් ගැනයි මේ …


    පුංචි පැටියකු ගෙදරට ගෙනාවම අම්මාගේ ප්‍රධාන කාර්යය වගේම තාත්තාගේ අමාරුම කාර්යය වෙන්නේ පුංචි පැටියා ගේ නැපි නැත්නම් ඩයපර් මාරු කිරීම.
    අපේ රට වගේ රටක කාළගුණික හා දේශගුණික වෙනස්කම් බහුලයි. එහි දී විශේෂයෙන් වැහි කාලය කියන්නේ පුංචි පැටියකු ඉන්න ගෙදරක නම් මේ පැටියාගේ ඇඳුම් හොඳින් වේලා ගැනීමට නොහැකිවීම නිසා වෙළඳපොළ හී භාවිතයට තියන ඩයපර් පැටියාට ඇන්දවීමට සිදුවෙනවා. ඒ වගේම ගමනක් බිමනක් යාමේදීත් මේ ඩයපර් භාවිත කරන්න සිදුවෙනවා.


     
    ළමා හා මාතෘ සෞඛ්‍ය උපදේශිකාවක සේම සෞඛ්‍ය ජනමාධ්‍යවේදිණියක වන ”අපේ මිස්” You tube හී ප්‍රධාන සම්පත් දායිකා ශ්‍යාමලී පතිරගේ
     

    සීත රටවල නම් ඩයපර් භාවිතය ඉතාම ප්‍රායෝගික වුණත්, ලංකාව වගේ වැඩි කාලයක් උණුසුම තියන රටකට දරුවන්ට ඩයපර් පැළඳීම සම්බන්ධව බොහෝ ගැටලු මතුවෙනවා. ඒ නිසාම බොහෝ අම්මලා ඩයපර් භාවිතයට බියක් දක්වනවා.
    ඒ වගේම විවිධ විවිධ ආකාරයෙන් ඩයපර් නිෂ්පාදනය වීම හා විවිධ මිල ගණන්වලට අලෙවි වීමත් / අපේ රට වැනි බහුතර ජනයා ආර්ථික වශයෙන් පහළ ඉන්න රටක පහසුවෙන් ලබාගත හැකි මිලකට නිෂ්පාදනය කිරිමේ දී ඩයපර ප්‍රමිතිය පිළිබඳව ගැටලු මතුවෙනවා.
    කොහොම වුණත් ඔබගේ දරුවා සඳහා කපු රෙදි වලින් සැකසු නැපි භාවිතයට හුරුවෙන්න හැකිනම් හොඳයි. නමුත් අත්‍යාවශ්‍ය අවස්ථාවක වගේම කාර්යබහුල දිවිපෙවෙතක දී සමහර විට එය ප්‍රායෝගික නොවන නිසා ඩයපර පිළිබඳව දැනුවත් වී මිළ දී ගෙන භාවිතය ඉතාම වැදගත්.

    පුංචි පැටියාට අන්දවන ඩයපර තෝරා ගැනිමේ දී දැන ගත යුතු දේවල්

    1. ප්‍රමිතිගත කාලයක් විශ්වාසය තබා ඇති හෝ ප්‍රමිතිගත නමක් ගත් Arthanepi නිෂ්පාදනය කරන අය පෙර කීපයක් ඔබට රැගෙන පරික්ෂා කරන්න පුළුවන්.
      එසේ නැත්නම් දරුවාට විවිධාකාරයේ ඩයපර කිහිපයක් භාවිත කරමින් දිගින් දිගටම භාවිතය සඳහා හොඳ ප්‍රමිතිගත උසස් එකක් ඔබට අත්දැකිමෙන් තෝරා ගන්න පුළුවනි.
    2. සිරුර ගැළපීම වගේම ප්‍රමාණය
      දරුවාගේ වයස / සිරුරේ ප්‍රමාණයට ඩයපරයක් මිළ දී ගැනීම වගේම විශාල හා කුඩා වීමත් ගැටලු ඇති කරවයි. දිග / පළල හෝ වෙනත් මිමි කියවන්න. ඩයපරයට යොදා ඇති අමුද්‍රව්‍ය ගැන. කපු හා කෘත්‍රීම කෙඳි මනා ලෙස සම්මිශ්‍රණය කර සෑදු අමුද්‍රව්‍යයක් ඩයපරය සෑදීමට භාවිත කරනවා. කඩදාසි වැනි ප්ලාස්ටික් ki ti  වැනි දේ යොදාගෙන ආර්ථික වාසි පතා නිෂ්පාදනය කරන ව්‍යාපාර සුදුසු වෙන්නෑ ඔබේ දරු පැටියා වෙනුවෙන්.
    3. ක්ෂණික ජලය උරා ගැනීමේ හැකියාව වැනි ජල ප්‍රමාණයක් ඉතා සැණෙකින් උරා ගැනීමට ඇති හැකියාව හොඳ ඩයපරයක ලක්ෂණයක්.
    4. ළදරු සමට සුදුසු වන බවට සායනික පරික්ෂණ කර තහවුරු කර තිබීම.
      සමහර අමුද්‍රව්‍ය ඉතා සුළු පිරිසකට ආසාත්මික වීම සාමාන්‍ය දෙයක්. විශේෂයෙන් ළදරු සම ඉතා මෘදු වීම නිසා එම ආසාත්මිකතා ඇති වීම වැඩිහිටියන්ට වඩා වැඩියි. මේ නිසා කිසිදු ආසාත්මිකතාවයක් පෙන්නුම් නොකළ බවට පරික්ෂණ මගින් සහතික කළ ඩයපර සුදුසුයි.ඇළෙන පටිය සුදුසු අමුද්‍රව්‍යයකින් නිමවා තිබේ ද යන්න හා එම පටියේ ඇති ගම් වර්ගය ඔබේ දරුවාගේ සමේ ආසාත්මිකතා ඇති කරනවා ද යන්න සොයා බලන්න.
    5. වායු හුවමාරුව සිදුවන පසුපස ආවරණයක් සහිත වීම. Ultra breathable backshu
      මනාව වාතය සංසරණය වන අයුරින් පසුපස ආවරණය තිබිය යුතුයි. සමේ ඇති වන ආසාත්මිකතා එමගින් වළකනවා. පසුපස ආවරණය ප්ලාස්ටික් හෝ ඉටි වැනි නම් එය සුදුසු නැහැ.
    6. සුව පහසුව ( Inner Layer )
      රෙදි නැපි එක සුවපහසු බවක් ඇතුළත පෘෂඨීය තිබිය යුතුයි.
    7. තෙතමන දර්ශකය
      තෙතමන දර්ශකයක් තිබීම මගින් දරුවා මුත්‍රා කළ විට ඒ මගින් දැනගන්න පුළුවන්. මළපහ කළ විට බොහෝ වේලාවක් සම සමඟ එවා ගැටි තිබීමෙන් ආසාත්මිකතා ඇති කළ හැකි නිසා මේ තෙතමන දර්ශක පහසුවෙන් මවට මාරු කිරීමට අවශ්‍ය වේලාව කියයි.
      එය පැහැය වෙනස්වීමෙන් හෝ යම්කිසි ක්‍රමයකින් හොඳට ඩයපරයක් නිර්මාණය විය යුතුයි. සාමාන්‍යයෙන් පැය 04 කාලයක් ඇතුළත ඩයපරය මාරු කළ යුතුය.

    ඉවතලන ඩයපරය බැහැර කරන අයුරු

    මේ දර්ශකය මගින් නිවැරදි ලෙසම මාරු කරන වේලාව ඩයපර සකසන අමුද්‍රව්‍ය අනුව ඒවා බැහැර කිරිමේ දී ඉතා සැලකිලිමත් විය යුත්තේ මේවා ජලය උරා ගැනිමේ හැකියාවෙන් වැඩිවීම නිසා පරිසර දුෂණය සිදුවිය හැකි නිසාත් දිරාපත් වීමට යම් කාලයක් ගත වන නිසාත් කිසිම විටෙක ඩයපරය වැසිකිලි බඳුන් තුළට දමන්න එපා. අපද්‍රව්‍ය ලෙස බැහැර කරන විට දිරාපත් නොවන අපද්‍රව්‍ය යටතේ බැහැර කිරිම සුදුසුයි. මළපහ රැඳී තිබේ නම් ඒවා ඉතා හොඳින් ආවරණය වන ලෙස ඩයපරය කඩදාසියක ඔතන්න.

    ඩයපරය නිවසේ දී විනාශ කර දමන්නේ නම් පොළවේ වැළලීම හෝ පිළිස්සීම කළ හැක. නමුත් මේවා පිළිස්සීමේ දී හොඳින් පිළීස්සීම කළ යුතුයි. පරිසරයට දුගඳ ඇති නොවන හා සතුන්ට රැගෙන යා නොහැකි ලෙස වග බලා ගැනීම වැදගත්.

    ඩයපරයක් භාවිතයේ වාසි

    කාලය ඉතිරි වේ. එදිනෙදා කටයුතු පහසු වේ. ගමන් බිමන් වල දී පහසුව ගෙන දෙනවා. රාත්‍රීයේ දී සීත කාලයේ දී ප්‍රයෝජනවත්. වැසි කාලයේ දී රෙදි වේලා ගැනීමට වගේම තෙතමනය වැඩි රෙදි මැදිමට අපහසු වීම. කාලය / ශ්‍රමය වැය වෙන්නෑ. පහසුවෙන් ලබා ගන්න පුළුවන්.

    ඩයපරයක් භාවිතයේ ඇති අවාසි තත්ත්වය

    නැපරුෂ් ඇතිවීමට ඉඩ තියනවා.
    රෙදි නැපි තරම් පහසු නැත.
    සමට වාතය ලැබීමට බාධා ඇති කරයි.
    මළ මුත්‍රා රැඳීම නිසා ආසාධන ඇති වෙනවා.
    දිලීර රෝග වර්ධනය වෙන්න පුළුවන්.
    නිසි ලෙස බැහැර නොකිරීමෙන් පරිසරය අපිරිසිදු වීම.

    මහේෂානී මීගහපොල
     

    කේෂාණි සෙනවිරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.