තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සොඳුරු දිරියවන්තියන්ට රජයෙන් ස්වභාවික හිසකෙස් පළඳනා නොමිලේ

    සොඳුරු දිරියවන්තියන්ට රජයෙන් ස්වභාවික හිසකෙස් පළඳනා නොමිලේ

    පිළිකා රෝගයෙන් පෙළෙන සහ සුවපත්වී ඇති කාන්තාවන් වෙනුවෙන් ස්වභාවික හිසකෙස් පළඳනා පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

    ‘සොඳුරු දිරියවන්තී’ නම් වැඩසටහන යටතේ පිළිකා රෝහලේ සිටින කාන්තාවන්ට ස්වභාවික හිසකෙස් පළඳනා ලබාදෙන බවද සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

    ඒ අනුව වසරකට එවැනි හිසකෙස් පළඳනා 6000 ක් පමණ පිරිනැමීමට නියමිතය.

    මහරගම අපේක්ෂා රෝහල, මහනුවර ජාතික රෝහල, බදුල්ල, කරාපිටිය, කුරුණෑගල ඇතුළු රෝහල් ගණනාවකින් ප්‍රතිකාර ලබාගන්නා පිළිකා රෝගී කාන්තාවන්ට එම හිසකෙස් පලදනා නොමිලේ ලබාදෙන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. හිසකෙස් මෙවැනි පළදනා සැදිමට පරිත්‍යාග කිරීමට කැමති.. එ පිලිබද යම් වැඩපිළිවෙළක් ඇත්නම් දැනුවත් කරන්න ?

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img