තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ප්‍රංශ ජනාධිපතිට බිත්තර ප්‍රහාරයක් (🎥)

    ප්‍රංශ ජනාධිපතිට බිත්තර ප්‍රහාරයක් (🎥)

    ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්ක්‍රෝන් හට බිත්තර ප්‍රහාරයක් එල්ලවී තීබේ.

    ආහාර වර්ග ප්‍රවර්ධන  උත්සවයකට ප්‍රංශ ජනාධිපතිවරයා අද (27) එක් වූ අවස්ථාවකදී මෙම සිදුවීමට මුහුණ දී ඇත.

    එහිදී මැක්ක්‍රෝන් හට එල්ලවූ බිත්තරය ඔහුගේ භාහුවේ වැදී බිමට පතිතවී ඇති බවට වාර්තා වේ.

    මෙම බිත්තර ප්‍රහාරයට හේතුව තවමත් පැහැදිලි නොමැති අතර ප්‍රහාරය එල්ල කළ තැනැත්තා ප්‍රංශ ජනාධිපතිගේ ආරක්ෂකයින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    කෙසේ වෙතත් ඔහු ප්‍රහාර දෙන අවස්ථාවේදීද කිසිවක් පවසා නොමැති අතර බිත්තර ප්‍රහාරයෙන් පසුවද ජනාධිපතිවරයා එම ස්ථානයේ රැදී සිට ඇති බවට වාර්තා වේ.

    මැක්ක්‍රෝන් හට මීට පෙරද 2017 වර්ෂයේ ජනාධිපති අපේක්ෂකයාව සිටි සමයේද බිත්තර ප්‍රහාරකට මුහුණ දීමට සිදුවිය.

    එසේම ඉකුත් ජුනි මාසයේදී මහජන හමුවකදී ඔහු විසින් පුද්ගලයෙකුගේ අතුල් පහරකට මුහුණදෙනු ලැබීය.

     

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img