fbpx
තවත්
    මුල් පිටුවspecialසූර්ය පැනලවල කාර්යක්ෂමතාවය වැඩිකිරීමට, සිලිකන් වෙනුවට Perovskites

    සූර්ය පැනලවල කාර්යක්ෂමතාවය වැඩිකිරීමට, සිලිකන් වෙනුවට Perovskites

     

    බලශක්ති ප්‍රභවයන් නිසා ඇතිවන පාරිසරික බලපෑම අවම කිරීම සඳහා පරිසර හිතකාමී බලශක්ති ප්‍රභවයන් කෙරෙහි යොමු වීමට ලොව සෑම රටක්ම පාහේ දැනටමත් පිඹුරුපත් සකසා ඇත. මේ අතරින් සූර්ය බලශක්තිය කෙරෙහි බොහෝ අයගේ අවධානය යොමුවී ඇති බව නොරහසකි. බොහෝ සූර්ය පැනල නිෂ්පාදනය කෙරෙනුයේ සිලිකන් ඇසුරින් වන අතර, මෙම සුර්ය පැනල වලට ඒමත පතිතවන සූර්යාලෝකය 22% – 25%ක පමණ කාර්යක්ෂමතාවයකින් යුතුව විදුලිය උත්පාදනය කළ හැක. නමුත් සූර්ය පැනල සඳහා භාවිතා කලහැකි, සිලිකන් වලට වඩා කාර්යක්ෂම, Perovskites නම් අමුද්‍රව්‍යයක් පිළිබඳව කතාවක් පසුගියදා විදෙස් ජනමාධ්‍ය මගින් වාර්තා කොට තිබුණි.

    Perovskites යනු වසර 1839දී රුසියාවේ යූරල් කඳුවැටිය ආශ්‍රිතව සොයාගන්නාලද, කැල්සියම් ටයිටේනියම් ඔක්සයිඩ් වලින් සමන්විත ද්‍රව්‍යයකි. ඔක්ස්ෆර්ඩ් සරසවිය ආශ්‍රිතව ගොඩනැගුණු ආයතනයක් වන, Oxford PV ආයතනය මගින් 2018 වසරේදී පළමු වරට සූර්ය පැනල සඳහා Perovskites භාවිතා කළ අතර එහිදී මෙම නව අමුද්‍රව්‍යයෙහි 28%ක කාර්යක්ෂමතාවයක් ඇති බව සොයාගෙන ඇත. නුදුරු අනාගතයේදී මෙම මට්ටම 40%ක හෝ ඊට වැඩි තත්වයකට පත්කර ගත හැකිවනු ඇතැයි පර්යේෂකයන්ගේ මතයයි. සෙවන ඇති ස්ථාන වලදී, වැහිබර දිනවලදී මෙන්ම ගොඩනැගිලි තුළ වැනි ඕනෑම අවස්ථාවකදී Perovskites සිලිකන් වලට වඩා සෑම අතින්ම කාර්යක්ෂම බවත්, එය ඉතා තුනී පටලයක් බවට පත්කළ හැකිවා මෙන්ම විශේෂ Ink Jet වර්ගයේ මුද්‍රණ යන්ත්‍රයක් මගින් මුද්‍රණය කළ හැකි බවත් පර්යේෂකයෝ පවසති.

    Perovskites භාවිතය නිසා අනාගතයේදී සූර්ය පැනලවල මිළද සැලකියයුතු මට්ටමකින් පහළයනු ඇති බවට පැවසෙන අතර එමගින් සූර්ය පැනලවල කාර්යක්ෂමතාවයද ඉහළ යනු ඇති බවට පර්යේෂකයන් දැනටමත් අනාවැකි පළ කර ඇත.

     

     

    (මංජුල දීපාල් ද සිල්වා විසින් theplanetaroundus.com ෆේස්බුක් විද්‍යුත් සඟරාවෙහි පළකරන ලද ලිපියකි. තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලයෙනි)

    මෙම ලියුම්කරු විද්‍යාවේදී, ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

    මංජුල ද සිල්වා

    මෙම ලියුම්කරු ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    මංජුල ද සිල්වා
    මෙම ලියුම්කරු ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

    ඔබේ අදහස් දක්වන්න.