fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ක්‍රීඩා අමාතයාංශය පැරාලිම්පික් වීරයන්ට කෝටි ගණන් තෑගි දෙයි

    ක්‍රීඩා අමාතයාංශය පැරාලිම්පික් වීරයන්ට කෝටි ගණන් තෑගි දෙයි

    ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වෙන පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ලෝක වාර්තාවක් ද තැබූ දිනේෂ් ප්‍රියන්ත මහතාට රුපියල් කෝටි 5ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    එමෙන්ම මෙම ක්‍රීඩා උළෙලේදීම හෙල්ල විසිකිරීමේ තවත් ඉසව්වකින් ලෝකඩ පදක්කමක් දිනූ සමිත දුලාන් කොඩිතුවක්කු මහතාට ද රුපියල් කෝටි දෙකක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට තීරණය කර ඇත.

    එමෙන්ම දිනේෂ් ප්‍රියන්තගේ පුහුණුකරු වන ප්‍රදීප් නිශාන්ත මහතාට රුපියල් එක්කෝටි හැටපන් ලක්ෂයක මුදල් ත්‍යාගයක්ද පිරිනැමීමට තීරණය කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.