fbpx
තවත්
    මුල් පිටුවspecialබලය පතා රටේ අනාගතය වැනසීම හරිද?

    බලය පතා රටේ අනාගතය වැනසීම හරිද?

     

    සටහන- සිහාමුඩීන් තස්ලිමා මුනව්වර්

    මේ වසංගත කාලේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටිලා. ආයෝජන කලාප වල කොල්ලො කෙල්ලෝ මැරීගෙන වැඩ කරන නිසයි රට මේම හරි දුවන්නේ. එදා වේල හම්බ කරන මිනිහා තවත් අසරණ වෙලා.


    ඒත් වැක්සින් වලටයි ටෙස්ට් කිට් වලටයි සෑහෙන මුදලක් රටෙන් පිටරටට ඇදෙනවා. මේම හරි රට ඇදගෙන යනේක ගැන සෑහෙන සතුටුයි. මේ කොවිඩ් ලොකුවට පැතිරෙන වෙලාවේ ආණ්ඩුවට වගේම අපිටත් ලොකු වගකීමක් තියෙනවා.

    අපෙන් කීයෙන් කීදෙනාද වැක්සින් ගහගන්නේ. මාස්ක් එක පොලීසියෙන් එනකොට විතරයි නේ මූණට දාන්නේ. සමහරු මාස්ක් දාන්නේ බෙල්ලට නේද? මීටරේ පරතරේ තියාගන්න පුලුවන් වෙලාවටත් අපි ඒම ඉන්නවාද? නෑනේ. මට අපේ මිනිස්සු ගැන හරිම කලකිරීමක් තියෙන්නේ. අපේ අය හැමතැනම කෙල ගහනවා. කිසිම පිරිසිදු කමක් නෑ. අත හරියට හෝදන්නේ නෑ. කිව්වට අහන්නේ නෑ. වැරදුනාම ආණ්ඩුවට බනින එකයි කරන්නේ.

    ඇෆ්ගනිස්ථානෙනුත් ආණ්ඩුව ණය ගනියි කියලා හිනාවෙන්නයි අපේ රටේ අය බලන්නේ. තාම වැක්සින් එක සාර්ථකයි කියලා ලෝකේ කොහේවත් රටක කියලා නෑ තමයි. ඒත් මැරෙන ලෙඩවෙන හැටියට වැක්සින් නොගෙන බෑ.

    අපේ දේශපාලන කට්ටිය හරි කුහකයි. කොහොම හරි ආණ්ඩු පෙරලන්නයි බලන්නේ. එයාලට රටේ මිනිහා ගැන කැක්කුමක් නෑ. මෝඩ කතා තමයි කියන්නේ. මේ අන්තවාදී දේශපාලන කට්ටිය තලේබාන් කාරයො වගෙයි. උන්ගේ පැවැත්ම විතරයි හිතන්නේ.

    අර කට්ටියක් මැරෙන මිනීගාන ගනන් කරනවා. තව කට්ටියක් මිනී පුච්චනවට විරුද්ධව කෑගහනවා. මේ වසංගතේ වෙලාවේ ඕන නැති දේට රණ්ඩුවෙලා මොකටද? දැන් මැරේද හෙට මැරේද දන්නැති අපිත් එක්ක, මේ කපටියෝ අපේ ජීවිතත් එක්ක සෙල්ලම් කරනවා. මිනී පිච්චුවොත් මිනියට අගෞරව කරනවා කියලා කතා පතුරන්නේ රටේ නැති ප්‍රශ්න ඇති කරන්නයි. සමහර මිනිස්සු මේවට මෝඩයො වගේ අහු වෙනවා.

    සෞඛ්‍ය බලධාරින් කියන්නේ මිනිස්සු එක්‍ රැස් වෙන්න එපා කියලා. ඒත් රටේ සල්ලි නැතිකාලේ අපේ කුහක දේශපාලකයෝ උද්ඝෝෂණ කරනවා. ඒ හින්දා කීදෙනෙක් ඩෙල්ටා කොවිඩ් ආසාදනය වුනාද? ඒ හින්දාම ගොඩක් මැරුණ නේද? ඇයි අපේ මිනිස්සු මෙච්චර මෝඩ?

    අපි අපේ ගුරුවරුන්ට කොච්චර ආදරේද? ඒ අය නිසයි අපි අද මේතැන ඉන්නේ. එයාලට තිබුන අපේ ගෞරවය “ස්ටාලින්ලා” නැතිකලා නේද? කොවිඩ් නිසා ඉස්කෝල වහපු නිසා අපේ ලමයිගේ ඉගෙනුම අනාත වුනා. අතේ කරේ තියන ඒවා බැංකුවේ උගස් කරල ඔන්ලයින් වලින් වැඩ කරගෙන අමාරුවෙන් යද්දි මෙයාලා ගුරුවරු අවුස්සලා ඒකත් නතර කලා. ස්ට්‍රයික් කරලා රජයේ පාසල් වල ඉගෙනුම සම්පූර්ණයෙන් නතර කලා. අපිට අපේ ළමයි ප්‍රයිවට් ස්කූල් යවන්න තරම් ආර්ථිකයක් නෑ.

    ඒකයි දුක් මහන්සියෙන් එයාලව ආණ්ඩුවේ ස්කූල් යවන්නේ. ප්‍රයිවට් ස්කූල් කොහොමත් ඔන්ලයින් උගන්නනවා. කවුරු හරි ගුරුවරයෙක් උගන්නන්න ගත්තොත් මේ කාලකන්නි ජෙප්පෝ ඒ මිනිස්සුන්ට තර්ජනය කරනවා. කැම්පස්වල ලමයි පාරට බස්සන ජොප්පොයි, පෙරොට්ටොයි. එයාල රටේ අධ්‍යාපනය වනසන හැටි ගැන සෑහෙන දුකයි. රටේ අනාගත පරපුර මෝඩයො කරන්නයි උන් හදන්නේ. උන්ගේ ළමයි එක්කො පිටරට නැත්නම් ප්‍රයිවෙට් යුනිවසිටිවල ඉගෙන ගන්නේ . මුන්ගේ උගුල් වලට ගුරුවරු අල්ලගත්ත එක සෑහෙන දුකයි. රටේ බලය තියෙන දේශපාලකයොත් එහෙමයි. උන් උන්ගේ වරප්‍රසාද ටික ගානට ගන්නවා පොඩි මිනිහා නැතිකරලා දාන්නයි උන් හදන්නේ.

    දෙපාරක් රටේ කැරලි ගහපු මේ කුහකයෝ බස්, ෆැක්ටරි, ට්‍රාන්ස්ෆෝමර් පිච්චුවා. ඒකෙන් රටේ දියුණුව ආපස්සට හැරෙව්වා. අධ්‍යාපනය වැනසුවා. ඒවගේම එදා ඉදලා අද වෙනකම් රට පාලනය කරපු හැම පාලකයින්ම මේ රටයි රටේ ආර්ථිකෙයි මේ තරම් විනාස කිරීමට වග කියන්න ඕන.

    එයාලා මැරෙනකොට දෙයියන්නාන්සේ සාධාරණ විනිශ්චයක් දෙයි. මේ කුහක දේසපාලකයොන්ට අපේ රට තවත් වනසන්න දෙන්න හොඳ නෑ. ජනාධිපතිතුමා දැඩි ක්‍රියාමාර්ගයක් මේ කුහක දේශපාලකයින්ට ගත්තොත් හොඳයි. නැත්නම් මිනිස්සු හරි මෙයාලට විරුද්ධව නැගිටින්න ඕන.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.