fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මිහිකත සරු කරන්න.. සරු හිත් වපුරවන්න..

    මිහිකත සරු කරන්න.. සරු හිත් වපුරවන්න..

    සොබාදහමේ නිර්මාණයක් වන මිනිසාට ද අනෙක් සත්ත්වයින්ට සේ ම ආහාර, ජලය, වාතය ආදී සියල්ල සොබාදහමින්ම ලැබෙන නමුත් වාණිජ ජීවිතයකට හුරු වූ මිනිසා සොබාදහම අමතක කර, වාණිජ අරමුණු කරගෙන ජීවත් වීමට පටන්ගැනීම කනගාටුවට කරුණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    මිනිසා කෘෂිකාර්මික ජීවිතයකට හුරු වූයේ අද ඊයේ නො වේ. පැරණි ගොවියා පරිසර රැක්කේ ය. එහෙත් වාණිජ අරමුණු සහිත නූතන මිනිසා පරිසරය ගැන නො සිතා තමන්ගේ කෘෂිකාර්මික කටයුතු පමණක් සිදු කරනු පෙනෙන බව හෙතෙම අවධාරණය කරයි.

    අප රසායනික පොහොර හා රසායනික පලිබෝධනාශක භාවිතය නැවැත්විය යුත්තේ පරිසරය රැකීමේ අදහසින් මිස වෙනත් අරමුණකින් නො වේ. රසායනික පොහොර හා පලිබෝධනාශක පසට එකතු වීමෙන් පසෙහි සාරවත් බව පමණක් නො ව, ක්‍රමයෙන් මුළු පරිසරය ම විනාශ වී යයි.

    එබැවින් මිනිසා ඇතුළු සත්ත්ව සංහතියට ම එහි බලපෑම්වලට මුහුණ දීමට සිදු වේ.
    රටට ආදරේ නම් අප කළ යුත්තේ කාබනික පොහොර භාවිතයට යොමුවීමයි. එවිට නිල් වන් දිය දහරාවල පිහිනා යන කුඩා මසුන් ද, අතුවල නාද කරමින් ඒ මේ අත පියාඹන කුරුලු පැටවුන් ද, නොයෙක් වර්ණවලින් පිරුණු සමනලුන් ද පෙර මෙන් පරිසරය අලංකාරවත් කරනු ඇති බව ‘සරු පසේ සෙනෙහස’ කාබනික පොහොර ප්‍රවර්ධන වීඩියෝවක් මුදාහරිමින් ජනාධිපතිවරයාගේ නිල සමාජ ජාල ගිණුමේ මෙම සටහන තබා තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.