fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 230 කට ඒ.එස්.පී. වරම්

    ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 230 කට ඒ.එස්.පී. වරම්

    ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 230 දෙනෙකු සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් කිරීමට අවශ්‍ය මූලික වැඩ පිළිවෙල මහජනආරක්ෂක අමාත්‍යාංශය විසින් සකස්කර තිබේ.

    ඒ අනුව සුදුසුකම් සම්පූර්ණකර ඇති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 230 දෙනෙකුට සහකාර පොලිස් අධිිකාරීවරුන් ලෙස උසස් වීම් ලැබීමට අවස්ථාව උදාවනු ඇත.

    මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස සරත් වීරසේකර මහතා වැඩ භාරගැනීමෙන් අනතුරුව කළ සොයා බැලීමකදී පෙනී ගොස් ඇත්තේ 2014 වසරින් පසු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්ට සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස උසස්වීම් නිසි කලට ලැබී නොමැති බවය. පොලීසිය පැත්තෙන් ඇමතිවරයාව දැනුවත් කරන්නේ ඉඩකඩ ඇත්තේ සහකාර පොලිස් අධිකාරීධූරෙයන් 87 ක් සදහා පමණක් බවය. ඇමතිවරයා ඒ ගැන පුද්ගලිකවම කරුණු සොයා බැලීමේදී පෙනී යන්නේ සහකාර පොලිස් අධිකාරීධූර 230 ක් පුරප්පාඩු පවතින බවකි.

    මේ ගැන ජනාධිපති ගෝඨාභය ජනාධිපතිවරයාව දැනුවත් කරන ඇමතිවරයා ජනාධිපතිවරයාගේද අනුමැතිය ඇතිව එම පුරප්පාඩු පුරවා දීර්ඝ කාලයක් තිස්සේ උසස් වීමේ නොලැබී අසහනයට සහ පීඩාවට පත්ව සිටින ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්ට සහනයක් වන්නට අවශ්‍ය පියවර ගත්තේය. එහිදී රාජ්‍ය සේවා කොමිසම දරුවේ වෙනත් මතයකි. කොමිසම එකහෙළා සදහන් කරන්නට වූයේ පුරප්පාඩුවලින් සියයට 70 ක් පමණක් සුදුසුකම් ඇති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්ගෙන් සම්පූර්ණකර ඉතිරි සියයට 30 නව බදවා ගැනීම් ලෙස තරග විභාග වවලින් සම්පූර්ණ කළ යුතු බවය.

    මේ වන විට පොලීසිය තුළ උසස් වීම් ප්‍රශ්නය මුල්කරගෙන ඇතිවී තිබෙන දැඩි ගැටළුකාරී තත්වය හොදින් අවබෝධකරගෙන සිටි නිසාම ඇමතිවරයා මේ ගැන දිගින් දිගටම රාජ්‍ය සේවා කොමිසම දැනුවත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස දැන් සහකාර පොලිස් අධිකාරී පුරප්පාඩු 230 ම සක්‍රීය සේවයේ නිරතව සිටින නිලධාරීන්ගෙන් සම්පූර්ණ කිරීමට අවස්ථාව උදා වී ඇත. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ තොරතුරුද ඒ බව සනාථකරනු ලැබුවේ රාජ්‍ය සේවා කොමිසමෙන් මේ වන විට යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බවටය.

    මෙම පුරප්පාඩු 230 සම්පූර්ණ කිරීමට අමතරව තරග විභාගයෙන්ද සහකාර පොලිස් අධිකාරීවරු 46 දෙනෙක් බදවා ගනු ඇති බව එම තොරතුරු වැඩිදුරටතත් සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.