fbpx
තවත්
    මුල් පිටුවඉතිහාසයේ එක් දවසක

    ඉතිහාසයේ එක් දවසක

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-25

    සෝල්බරි ප්‍රතිසංස්කරණ යටතේ පිහිටවූ 1947 පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම නියෝජිත මන්ත්‍රී මණ්ඩලය පත් කෙරුණේ 1947 නොවැම්බර් 25 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-24

    බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව (BMICH) ඉදිකිරීම සදහා මුල්ගල තබන ලද්දේ 1970 නොවැම්බර් 24 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-23

    විදෙස් කිරීට පාලන සමයේදී අතහැර දමනු ලදුව වල් බිහි වී තිබූ රුවන්වැලි මහා සෑය ප්‍රතිසංස්කරණය කර දෙවන වරට කොත් පළදන ලද්දේ 1939 නොවැම්බර් 23 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-22

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකු සහ පුහුණුකරුවකු වන මාවන් අතපත්තු උපත ලද්දේ 1970 නොවැම්බර් 22 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-21

    ඉංග්‍රීසීන් විසින් උඩරට ගිවිසුම අවලංගු කරමින් උඩරට ප්‍රකාශනය නිකුත් කරන ලද්දේ 1818 නොවැම්බර් 21 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-19

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පළමු වරට ජනාධිපති ධූරයේ දිවුරුම් දුන්නේ 2005 නොවැම්බර් 19 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-15

    මියුසියස් විද්‍යාලය ඇතුලූ පාසල් ආරම්භ කරමින් නිදහස් සටනට සහයෝගය දැක්වූ මාරි මියුසියස් හිගින්ස් මැතිණිය ලංකාවට පැමිණිෳයේ 1950 නොවැම්බර් 15 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-14

    හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය ජවහල්ලාල් නේරු තුමාගේ උපන් දිනය 1889 නොවැම්බර් 14 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-13

    ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ඝාතනය කෙරුණේ 1989 නොවැම්බර් 13 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-11

    එක්කෝටි හැත්තෑ පන්ලක්ෂයක් ජීවිත බිලිගත්ප ළමු ලෝක මහා සංග්‍රාමය නිමා වූයේ 1918 නොවැම්බර් 11 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-10

    ලොව පළමු යතුරුපැදිය ඩයිම්ලර් රෙයිට්වැගන් මත ලොව පළමු යතුරුපැදි ධාවන ගමන සිදුවූයේ 1885 නොවැම්බර් 10 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-08

    විල්හෙල්ම් රොන්ට්ජන් විසින් සිය විද්‍යාගාරයේදී අහම්බයකින් එක්ස් කිරණ සොයාගන්නා ලද්දේ 1895 නොවැම්බර් 08 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-07

    නිදහස් සටන වෙනුවෙන් සිය ජීවිතය පිදූ වීර පුරන් අප්පු ජාතික වීරවරයා උපන්නේ 1812 නොවැම්බර් 07 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-05

    සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ඒ.ටී. ආරියරත්න මහතා උපත ලද්දේ 1931 නොවැම්බර් 05 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-04

    දැයට විද්‍යා දැනුම දෙන විදුසර විද්‍යා සගරාව ඇරඹුණේ 1987 නොවැම්බර් 04 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-03

    ස්පුට්නික් - 2 යානයේ නැගී ලයිකා බැල්ල උඩු ගුවනට ගියේ 1957 නොවැම්බර් 03 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-02

    දුගී ජනතාවට "පාන් නැත්නම් කේක් කාපල්ලා" යැයි කියූ ප්‍රංශයේ මාරි ඇන්ටොයිනට් බිසව උපත ලද්දේ 1755 නොවැම්බර් 02 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-11-01

    හෙළබස රැකීම මූලික අරමුණ කරගත් හෙළ හවුල බිහිවූයේ 1941 නොවැම්බර් 01 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-10-31

    තමන්ටම ආවේණික ශෛලියකින් දරුවන්ගේ සිත් වසග කරගත් විශිෂ්ඨ සිත්තරිය - සිබිල් වෙත්තසිංහ මහත්මිය උපත ලැබුවේ 1928 ඔක්තෝම්බර් 31 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-10-30

    බෝල් පොයින්ට් පෑන සදහා ජෝන්.ජේ. ලොවුඞ් විසින් පේටන්ට් අයිතිය ලබා ගත්තේ 1888 ඔක්තෝම්බර් 30 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-10-25

    සුප්‍රකට චිත්‍ර ශිල්පී පැබ්ලෝ පිකාසෝ උපත ලැබුවේ 1881 ඔක්තෝම්බර් 25 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-10-24

    එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරම්භ වූයේ 1945 ඔක්තෝම්බර් 24 වන දිනයි. අද එක්සත් ජාතීන්ගේ දිනයයි.

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-10-22

    දුප්පතුන්ගේ දේශපාලනඥයා ලෙසින් හැදින්වෙන විජයානන්ද දහනායක මහතා උපත ලැබුවේ 1902 ඔක්තෝම්බර් 22 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-10-21

    නොබෙල් ත්‍යාගයේ නිර්මාතෘවරයා වන ඇල්ෆ්‍රඩ් නොබෙල් උපන්නේ 1833 ඔක්තෝම්බර් 21 වනදා ය

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-10-20

    ශ්‍රී ලංකාවේ පළමු ජනාධිපතිවරණය 1982 ඔක්තෝම්බර් 20 දින පැවැත්වුණු අතර එහිදී ජේ.ආර් ජයවර්ධන මහතා ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනපති ලෙස තේරී පත්විය.

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-10-19

    මෙරට දීර්ඝතම පාලම වන මීටර් 396 ක් දිග කින්නියා පාලම විවෘත කළේ 2009 ඔක්තෝම්බර් 19 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-10-18

    ශ්‍රී ලංකාවේ සිරකරුවකු ලෙසින් සිටිමින් එදා හෙළදව ග්‍රන්ථය රචනා කළ රොබර්ට් නොක්ස් ශ්‍රී ලංකාවෙන් පළා ලියේ 1979 ඔක්තෝම්බර් 17 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-10-17

    සුපිරි ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා උපත ලැබුවේ 1965 ඔක්තෝම්බර් 17 වන දිනයි

    ඉතිහාසයෙන් එක් දවසක – 2021-10-14

    කොළඹ පිහිටා ඇති මෙරට ග්‍රහලෝකාගාරයේ ප්‍රථම මහජන දර්ශනය පවත්වන ලද්දේ 1968 ඔක්තෝම්බර් 14 වන දිනයි
    චමරු අමාසර