fbpx
තවත්
    මුල් පිටුවදැනුම පොතට

    දැනුම පොතට

    තෛපොංගල් මංගල්‍යය අදයි

    දමිළ ජනතාව හින්දු චාරිත්‍රානුකූලව සමරන තෛපොංගල් උත්සවය අද (14) ට යෙදී තිබේ. අස්වනු ලබා දුන් හිරු දෙවියන්ට කෘතගුණ සලකමින් පොංගල් කිරිබත පිසීම තෛ මාසය නැතිනම් ජනවාරි මාසයේ පළමු කාර්යයි. මෙම මංගල්‍යය දමිළ ජනතාවගේ ආගමික,සමාජීය හා සංස්කෘතික බැඳීම් විදහාපායි. ලොව පුරා දමිළ ජනතාව බැතියෙන් සමරන මෙම උතුම් උත්සවය ජාති භේදයකින් තොරව සමරන උතුම් මංගල්‍යයක් ලෙස ප්‍රකටය. NewsWave.lk අපි ඔබට සුබ තෛපොංගල් මංගල්‍යයක් වේවා! යැයි සුබ ප්‍රාර්ථනා එක් කරමු.

    සුබ නත්තලක් වේවා!

    ලොව පුරා සිටින කිතුනු බැතිමතුන් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිහි කරන අසිරිමත් නත්තල අදයි.

    අදුර පරදා ආලෝකය උදාවන දීපාවලිය අදයි!

    ඉන්දියානු උත්සව අතරින් ඉතාම වර්ණවත් උත්සවය වන දීපවාලී උත්සවය අදට (04) යෙදී තිබේ. මෙම උත්සවය නව සඳ උදාවීමට සමගාමීව ඔක්තෝබර් හෝ නොවැම්බර් මාසවලදී සැමරේ. අයහපත පරදවා යහපතත් අඳුර පරදා ආලෝකයත් ජයග‍්‍රහණය කිරීම දීපාවලී දිනය සැමරීමේ අරමුණයි. දෙවියන් වන්දනාමාන කරමින් ආගමික සඡ්ඣායනයෙන් හා වන්දනා ස්ථානවල සහ නිවෙස්වල ආලෝකය දල්වමින් දීපාවලී උත්සවය සැමරීම ලොව පුරා සිටින හින්දු බැතිමතුන් විසින් ඉතාමත් භක්තිවන්තව සිදු කරයි. අදට (04) යෙදී ඇති දීපාවලි උත්සවය නිමිත්තෙන්, බස්නාහිර පළාතේ, මධ්‍යම පළාතේ සහ උතුරු පළාතේ සියලුම හින්දු පාසල් අනිද්දා (05) දින නිවාඩු දිනයක් ලෙස නිවේදනය කර තිබේ.

    ඔබ දන්නවාද?

    ලෝක ජනගහනයෙන් 8.8% ක්, එනම් ගෝලීය වශයෙන් මිලියන 663 ක ජනතාවක් මන්දපෝෂණයෙන් පෙළෙති මෙයින් අදහස් කරන්නේ අවම දෛනික ශක්ති අවශ්‍යතාවයන්ට වඩා අඩු කැලරි ප්‍රමාණයක් ඔවුන්ට ලැබෙන බවයි. ලෝක ජනගහනයෙන් 9% ක, එනම් මිලියන 697 ක ජනතාවක් ලබා ගන්නා ආහාර දැඩි ලෙස ආහාර අනාරක්ෂිත ය. ආහාර සුරක්ෂිතතාවයද ලෝකයේ විශාල ප්‍රමාණයක් පුද්ගලයින් මුහුණපාන ගැටලුවකි. එක් වසරකට දරුවන් පමණක් මිලියන 3.1ක් මන්දපෝෂණය නිසා මියයති. තිබෙන්නාට නීරස වූවද, කුසගින්නේ සිටින්නාට රසවත් ආහාර ඔබ අපතේ යවද්දී, සෑම තත්පර 10කට වරක්ම කුඩා දරුවකු කන්නට යමක් නැති නිසා මන්දපෝෂණයෙන් මිය යයි. ඔබ ගන්නා ආහාරය අපතේ යන්නට නොදී, තවකෙකුගේ කුස පුරවන්නට හැකිනම් , ලෝක ආහාර දිනයේදී ඔබගේ යුතුකම එලෙසින්ම ඉටුවෙයි. newswave.lk අපගේ ඉල්ලීමද එයයි.

    අද පටන් නිවැරදිව දෑත් සෝදමු!

    ලෝක දෑත් සේදීමේ දිනය ඔක්තෝම්බර් 15 වන අද දිනට යෙදී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිවැරදිව දෑත් සේදීම සම්බන්ධව ඉදිරිපත් කර ඇති උපදෙස් newswave.lk අපි ඔබ වෙත මෙසේ ගෙන එන්නෙමු.

    ගුරු දිනය අද යි

    ලෝක ගුරු දිනය ඔක්තෝම්බර් 05 වැනිදා ට යෙදී තිබුණ ද ශ්‍රී ලංකාවේ එම දිනය සමරනු ලබන්නේ සෑම වර්ෂයකම ඔක්තෝම්බර් 06 වැනිදා ය. ළමා කලය අකුරට හුරු වන්නට එය නිකන් නොහුරු හොඳට පිහිටවෙති ගුරුවරු වන්නට බල උන්හට ගුරු කුමාරතුංග මුණිදාස ශූරීන් අකුරු සැහැල්ලේ එලෙස ලියා ලියා තිබේ. www.newswave.lk ඔබෙන් කරන ආයාචනය ද එය යි.

    ඔබ දන්නවාද? #4

    කොළඹ නගරයේ පිහිටා ඇති උසම ගොඩනැගිල්ලක් වන නෙලූම් කුඵණේ උස අඩි 1148 කි. එය ප්‍රංශයේ සුප්‍රකට අයිෆල් කුඵණටත් වඩා උසින් වැඩි නිර්මාණයකි

    ඔබ දන්නවාද #3

    111,111,111 x 111,111,111 = 12345678987654321 වේ. තවත් මෙවැනි රටා ඕනෑ තරම් ගත හැක. 1 ඉලක්කම් පුනරාවර්ථව එකිනෙක ගුණකර බලන්න. නවතම පුවත් එසැනින් දැනගන්න අදම අපේ WhatsApp News සේවාව හා එකතු වන්න. https://get.newswave.lk/whatsapp NewsWave LK

    කැනඩා කියමනක් – දිවියට ඔවදනක්

    "සෑම හිසක්ම ලෝකයකි" නවතම පුවත් එසැනින් දැනගන්න අදම අපේ WhatsApp News සේවාව හා එකතු වන්න. https://get.newswave.lk/whatsapp NewsWave LK

    ඇල්බට් අයින්ස්ටයින්ගෙන් දිවියට ඔවදනක්

    "එදා මට උපකාර නොකළ සියල්ලන්ටම මම ස්තුති කරමි. මන්ද මා අද නැගී සිටින්නේ ඔවුන් නිසාය."

    ඔබ දන්නවාද #2

    තත්පරයකට ලොව පුරා හුවමාරු වන e-mail පණිවිඩ ප්‍රමාණය ලක්ෂ 34කි. ඒ අතරින් 67% ම spam වේ.

    ඔබ දන්නවාද #1

    නව කොරෝනා වෛරසයේ සැබෑ නම Severe Acute Respiratory Syndrome Related Coronavirus 2 නොහොත් SARS-CoV-2 වේ. එය 2003 වසරේ ආසියාව මූලික කරගෙන ලොව පුරා පැතිරුණු SARS වෛරසයේම තවත් ස්වරූපයකි.
    චමරු අමාසර