fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්කොළඹ අඩකට සෙනසුරාදා ජලය නැහැ

    කොළඹ අඩකට සෙනසුරාදා ජලය නැහැ

    අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන සෙනසුරාදා (10) පෙරවරු 9.00 සිට ඉරිදා පෙරවරු 6.00 දක්වා පැය 21 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි.

    එසේ ජල සැපයුම අත්හිටුවන්නේ කොළඹ 01, 02, 03, 07, 08, 09, 10 සහ 11 යන ප්‍රදේශයන්ය. ඊට අමතරව කොළඹ 04 සහ 12 යන ප්‍රදේශවලට මෙම කාලය තුළ අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවට දැනුම් දෙයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.