fbpx
තවත්
    මුල් පිටුවCOVIDඩෙල්ටා ආසාදිතයින්‌ දිස්ත්‍රික් 4කින් හමුවෙලා

    ඩෙල්ටා ආසාදිතයින්‌ දිස්ත්‍රික් 4කින් හමුවෙලා

    කොවිඩ් -19 වයිරසයේ වඩාත් හානිකර ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින්‌ මෙරට දිස්ත්‍රික්ක 4කින් හමුවී තිබේ.

    කොළඹ, ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවලින් ඔවුන් 18 දෙනෙකු වාර්තා වී ඇති බව ඒ පිළිබඳ පර්යේෂණ සිදු කරන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය පවසයි.

    මෙරට මුල්ම ඩෙල්ටා ආසාදිතයා වාර්තා වූයේ දෙමටගොඩ ආරාමය පාර ප්‍රදේශයෙනි.

    මීට පෙරද ඩෙල්ටා ආසාදිතයින් කිහිපදෙනෙකු මෙරටින් හමු වූ අතර ඔවුන් හමුවූ වහාම එම ප්‍රදේශ හුදකලා කිරීමට පියවර ගැනුණි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.