fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්දේශපාලනයවෛද්‍යවරුන්ට වැටුප් වැඩිකිරීමෙන් වර්ජන රැල්ලක්

    වෛද්‍යවරුන්ට වැටුප් වැඩිකිරීමෙන් වර්ජන රැල්ලක්

    කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ඉල්ලීමට අනුව වෛද්‍යවරුන්ගේ වැටුප් දීමනා ඉහළ දැමීම නිසා රජයේ සියලුම ක්ෂේත්‍රවල වර්ජන රැල්ලක් නිර්මාණය වෙමින් තිබෙන බව වෘත්තිය සමිති රැසක් මේ වනවිට ආණ්ඩුවට අනතුරු අඟවා තිබේ.

    රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ඉදිරි නිලවරණය ඉලක්ක කරමින් මෙම වැටුප් දීමනාවට කැබිනට් අනුමැතිය ලබා ගැනීමට එම සංගමය කටයුතු කර ඇති බව පවසමින්, සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ නොවන වෘත්තිය සමිති කිහිපයක්ම ඔවුන්ට ද මෙවැනි වරප්‍රසාද ඉල්ලා වර්ජන කරන බවට ආයතන ප්‍රධානීන් දැනුවත් කර තිබේ.

    අදාළ චෝදනාව මගින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉතිහාසය පුරාවටම ඔවුන්ගේ සාමාජිකයන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් පමණක් පෙනී සිටින බවත්, රට ලොක්ඩවුන් කිරීමට යැයි ඔවුන් නිතර පවසන්නේ තවත් යටි අරමුණු රැසක් සහිතව බවත් වෘත්තිය සමිති නියෝජිතයන් සඳහන් කර ඇත.

    සෞඛ්‍ය අමාත්‍යංශය මෙම කටයුතුවල දී නිසොල්මන්ව කටයුතු කර ඇති නිසා හෙට සිට හෙද හෙදියන් ද අනිද්දා සිට අනෙකුත් සෞඛ්‍ය කාර්යය මණ්ඩල ද වැටුප් වැඩිවීම් ඉල්ලා වැඩ වැරීමට සූදානමින් සිටින බව අදාළ වෘත්තිය සමිති පෙන්වා දී තිබේ.

    එවැනි අවස්ථාවක තමන්ගේ නියෝජිතයන් රැක ගැනීමට නම් අවස්ථාව නොබලා මෙවන් වකවානුවක වුවද තමන්ටත් වැඩි වැටුප් දිමනා ඉල්ලා සීටීමට සිදුවන බව මෙම වෘත්තිය සමිති දන්වා ඇත.

    සෞඛ්‍ය අමාත්‍යංශය මේ වනවිට එන්නත්කරණ ක්‍රියාවලිය නිසි පරිදි සිදු නොකිරීම හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇති බව අද දිනයේ මාධ්‍ය හමුවක දී කරුණු ඉදිරිපත් විය.

    ඇතැම් වෛද්‍යවරුන් කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත අයතා ලෙස එන්නත්කිරීම මෙන්ම කොළඹ අක්ෂි රෝහලේ සිදුවූ එන්නත් වංචාවක් පිළිබඳව ද කරුණු හෙළි විය.

    දේශපාලන වාර්තාකරු

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.