fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහ වැස්සෙන් දෙලක්ෂයකට ආසන්න පිරිසක් පීඩාවට

    මහ වැස්සෙන් දෙලක්ෂයකට ආසන්න පිරිසක් පීඩාවට

    අධික වැසි සහීත කාලගුණය හේතුවෙන් ගංවතුර, නායයාම් ආදිය නිසා පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් 7 දෙනෙකු අතුරුදන් වී තිබේ.

    නිවාස 579 කට හානි සිදුවී ඇති අතර 170,000 කට වැඩි සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    අධික වර්ෂාව හේතුවෙන් මහඔය ද්‍රෝණියේ වැඩිවන ජල මට්ටම නිසා අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙනප්පුව, මීගමුව, කටාන, දංකොටුව යන පහත් බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අගවයි.

    කැලනි ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින අතර සීතාවක, කඩුවෙල, බියගම, කොලොන්නාව, කැලණිය සහ කොළඹ යන ප්‍රදේශවල ජනතාව විමසිල්ලෙන් සිටින ලෙස ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

    මධ්‍යම කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන අධික වැසි සමඟ ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන්දොරටුවක් විවෘත කර තිබේ.

    ජලාශයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් එක් වාන්දොරටුවක් ස්වයංක්‍රීයව විවෘත වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

    මේ අතර, විමලසුරේන්ද්‍ර ජලාශය ද වාන් දැමීමට පටන් ගෙන ඇති අතර, ලක්ෂපාන ජලාශයේ ද එක් වාන්දොරටුවක්ද විවෘත කර ඇත.

    පසුගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ කෑගල්ල අල්ගම ප්‍රදේශයට මීලිමීටර් 197.5 ක් ලෙසයි.

    මොරලිය – 188.2 මි.මී.ක් ද වෝගන් වත්ත – 165.4 මි.මී.ක් ද, නිට්ටම්බුව – 156.2 මි.මී.ක් වශයෙන් ද වැසි ඇදහැලී ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.