fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්මැයි මාසයේ විවාදයට සජිත්ගේ සූදානම

    මැයි මාසයේ විවාදයට සජිත්ගේ සූදානම

    ආර්ථික ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විවාදයට මැයි මාසයේදී තමා සූදානම් බව විපක්ෂ නායක සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    නලින් බංඩාර මහතා විසින් ආර්ථික ක්ෂේත්‍රයේ විවාදයකට එන්න කියා සහෝදරයන්ට අභියෝග කළ අවස්ථාවේ ආර්ථික විශේෂඥයන්ගේ විවාදයෙන් ⁣සහෝදරවරු පැන ගොස් නායකයන් අතර විවාදයකට එන්න කියා නැවත අභියෝග කර ඇති බවද විපක්ෂ නායකවරයා සඳහන් කරයි.

    එබැවින් මැයි මාසය තුළ එම විවාද දෙකටම තමන් ප්‍රමුඛ සජබය සූදානම් බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

    ආර්ථික විශේෂඥයන් මෙන්ම නායකයෝ අතර විවාද දෙකටම සජබ සූදානම් බව සඳහන් කළ විපක්ෂනායකවරයා අභියෝග දෙකම බාර ගන්නා බවත් නිවටයෝ ලෙස පැන නොයන බවත් පවසයි.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 163 වැනි අදියර යටතේ අද (23) හම්බන්තොට වීරකැටියේ ඕකන්දයාය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.