fbpx
තවත්

    චමරි ලොව අංක 01ට

    අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලයේ (ICC) කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ සුපිරි පිතිකරු චමරි අතපත්තු එක්දින පිතිකරණ ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව තිබේ.

    දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තුන්වන සහ අවසන් එක්දින තරගවලදි චමරි අතපත්තු දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරඟ තුනකින් සමන්විත තරඟාවලිය සම කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

    චමරි අතපත්තු ඉහළට ඒමත් සමඟ එතෙක් ඉදිරියෙන් සිටි එංගලන්ත කාන්තා කණ්ඩායමේ නටාලි ස්කැවියර් බර්න්ට් දෙවැනි ස්ථානයට පත්ව තිබේ.

    දකුණු අප්‍රිකාවට එරෙහි තරගයේ දී ලකුණු 302ක වාර්තාගත ඉලක්කයක් හඹා ගිය චමරි අතපත්තු ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය ලබා දෙමින් නොදැවී ලකුණු 195* ලබා ගැනීමට ඇයට හැකි වූවාය. එය ලෝක ක්‍රිකට් ඉතිහාසයේ එක්දින තරගයක දී සාර්ථක හඹායාමකදී ලබාගත් දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව ද වේ.

    2023 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයේ දී ඇෆ්ගනිස්ථානයට එරෙහිව ග්ලේන් මැක්ස්වෙල් ( Glenn Maxwell) නොදැවී ලකුණු 201* ලබා ගැනීම එවැනි දස්කමක ලොව පළමු තැන තිබේ.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.