තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රීලනිපය ගැන මැකොගේ තීරණය හෙට

    ශ්‍රීලනිපය ගැන මැකොගේ තීරණය හෙට

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය රැස්වී ගත් තීරණ හා ඒ සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති විරෝධතා සලකා බලා මැතිවරණ කොමිෂන් සභාවේ තීරණය හෙට (18) ප්‍රකාශ කිරීමට නියමිතය.

    මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පසුගිය දිනවල සිදුකළ පත්කිරීම්වලට එහි වැඩබලන මහලේකම්වරයා මැතිවරණ කොමිසම හමුවේ සිය විරෝධතා ඉදිරිපත් කර තිබේ.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල මහතා පැවසුවේ, පක්ෂ ව්‍යවස්ථාවට අනුව සියලු කටයුතු සිදුවිය යුතු බවට මැතිවරණ කොමිසමට දැනුම් දුන් බවයි.

    මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතාගෙන් කළ විමසීමේදී ඔහු පැවසූවේ, නීතිඥවරයෙකු මාර්ගයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් තමන් වෙත එම විරෝධතා භාරදුන් බවයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img