fbpx
තවත්
    මුල් පිටුවspecialබංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකාව පියවරක් ඉදිරියට

    බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකාව පියවරක් ඉදිරියට

    බංග්ලාදේශයට එරෙහි තරග දෙකකින් යුතු ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ලකුණු 328කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (25) සමත් විය.

    ධනංජය සිල්වා සහ කමිඳු මෙන්ඩිස් මෙම තරගයේ දී පළමු ඉනිමේ දී මෙන්ම දෙවැනි ඉනිමේ දී ශතක වාර්තා කරමින් ටෙස්ට් ක්‍රිකට් වාර්තා පොත් අලුත් කිරීම දක්නට ලැබිණි.

    ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් පිටියේ ප්‍රතිවාදී කඩුළු 20ම වේගපන්දු යවන්නන් විසින් ලබාගත් තෙවැනි අවස්ථාව මෙය වන අතර, 1986 දි පාකිස්ථානයට එරෙහිව අවසන් වරට එම දක්ෂතාව දැක්වූ ශ්‍රී ලංකා වේගපන්දු යවන්නෝ මෙම වාර්තාව අලුත් කරනු ලැබුවේ වසර 38කට පසුව ය.

    ධනංජය සිල්වා 102 සහ 108ක් ද, කමිඳු මෙන්ඩිස් 102 සහ 164ක් ද ලබාගත්හ.

    බංග්ලාදේශ පිතිකරුවන් අසරණ කළ කසුන් රාජිත ඉනිම දකේ දී කඩුළු 8ක් සහ විශ්ව ප්‍රනාන්දු ඉනිම දෙකේ දී කඩුළු 7ක් දවා ගත්හ.

    තරගයේ වීරයා සම්මානය නායක ධනංජය සිල්වා ට හිමිවිය.

    ශ්‍රී ලංකාව 280 සහ 418
    බංග්ලාදේශය 188 සහ 182

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.