fbpx
තවත්
    මුල් පිටුවspecialලොව තෙවැනියට දූෂිතම රට ඉන්දියාවයි

    ලොව තෙවැනියට දූෂිතම රට ඉන්දියාවයි

    ගතවූ 2023 වර්ෂයේ ලොව දූෂිතම නගරය ලෙස ඉන්දියාවේ නවදිල්ලි නුවර බවට පත්ව ඇති බව අනාවරණය වී තිබේ.

    ස්විට්සර්ලන්තය පාදක කරගනිමින් ක්‍රියාත්මක වන අයිකිව් එයාර් සංවිධානය විසින් මේ බව අනාවරණය කර ඇත. මේ අතර ලොව තුන් වැනියට දූෂිතම රාජ්‍ය බවටද ඉන්දියාව පත්ව ඇති අතර එහි පළමු ස්ථානය බංගලාදේශයටද දෙවන ස්ථානය පාකිස්ථානයටද හිමිව ඇත.

    ඉන්දියාවේ ප්‍රධාන නගර කීපයක්ම දැඩි වායු දූෂණයකට මුහුණ දී ඇති අතර එය එරට ප්‍රබලතම පරිසරික ගැටලුව බවටද පත්ව තිබේ. විශේෂඥයින් පෙන්වා දෙන ආකාරයට පසුගිය කාලය තුල ඉන්දියාවේ ඇති වූ දැඩි කාර්මීකරණයත් පාරිසරික නීති බලාත්මක කිරීමේ පවතින දුර්වලතා මීට ප්‍රබල හේතුවක් බවට පත්ව ඇත.

    පසුගිය කාලය පුරාවට ඉන්දියාව තුල දක්නට ලැබුණු වර්ධණය තුලදී නිසි කාර්මික නියාමනයක් ස්ථාපිත කිරීමට අසමත්වීම ඉන්දියාව තුල පවතින දැඩි ඝෘණාත්මක සාධයක් බවද විශේසඥයින් පෙන්වා දෙයි.

    මේ අතර අයිකිව් එයා විසින් සම්පාදනය කළ වර්තාව මගින් පෙන්වාදෙනු ලබන්නේ නව දිල්ලි නගරයේ පවතින දැඩි වායු දූෂණ තත්ත්වය හේතුවෙන් පෙනහලු ආශ්‍රිත රෝග රැසකින් නගරයේ වැසියන් පීඩා විඳින බවයි. මෙම තත්ත්ව සීත කාලයේදී වර්ධනය වන අතර එය සාමාන්‍ය ජන ජීවිතයටද දැඩි බලපෑමක් එල්ල කිරීමටද සමත්ව ඇත.

    නව දිල්ලි නගරයේ පවතින දැඩි වායු දූෂණයට ප්‍රධාන සාධක කීපයක් බලපායි. එහි පළමුවැන්න වන්නේ, නව දිල්ලියේ භූ පිහිටීමයි. එහි පිහිටීම අනුව වාතය නගරයෙන් පිටතට හමා යාම අවම මට්ටමක පවතී. එමෙන්ම ආසන්න ප්‍රාන්ත වල ගොවීන් විසින් සිය වගා භූමි ගිනි තැබීමෙන් නැගෙන දුමාරයද නවදිල්ලි නගරය වෙත ගලා එන අතර එම වායුද නගරය තුලම රැදී පැවතීම තත්ත්වය වර්ධනය කිරීමට හේතුවී තිබේ.
    එමෙන්ම නව දිල්ලි නගරයේ ධාවනය වන රථ වාහන වලින් පිටවන දුමාරයද මෙම වායු දූෂණයට විශාල සාධකයක් වන අතර එම නගරය තුල පමණක් ශ්‍රී ලංකාවේ සමස්ථ ජනගහනය ඉක්ම වූ පරිසක් වාසය කිරීම එහි ප්‍රබලත්වය මනාව පෙන්වා දෙයි.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.