fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"රජයේ ඩිජිටල් ශ්‍රී ලංකාව ප්‍රභූ පැළැන්තියේ දූදරුවන්ට විතරයි" (📹)

    “රජයේ ඩිජිටල් ශ්‍රී ලංකාව ප්‍රභූ පැළැන්තියේ දූදරුවන්ට විතරයි” (📹)

    රටේ ඇති සෑම ප්‍රශ්නයකට ම පිළිතුර වන්නේ රටට ලැබෙන ඩොලර් සහ රුපියල් බව විපක්ෂ නායක, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    ඩොලර් සහ රුපියල් ඉපයීමට නිසි වැඩපිළිවෙළක් නොමැතිව කයිවාරුවෙන් කවුරුන් හෝ බලයට ඒමට සිතා ගෙන සිටිනවා නම් රටේ ජනතාව දෙවැනි ඛේදවාදකයකට මුහුණ දීමක් හා සමාන සිදුවීමක් බවත් හෙතෙම කියාසිටී.

    එසේ වුවහොත් 2019 මෙන් 2024 දී ද ජනතාවට දරුණු ව්‍යවසනයකට මුහුණ දීමට සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    සත්‍ය, යථාර්ථය, දත්ත, විද්‍යාව, අත්හදාබැලීම් මත පදනම් වූ ප්‍රතිපත්ති සම්පාදනයකට රටක් ලෙස ඉදිරියට යා යුතු බවත් ප්‍රතිපත්ති සකස් කිරීම මෙන්ම ඒවා ක්‍රියාත්මක කිරිම, අධීක්ෂණය, පසුවිපරුම සහ ප්‍රතිපෝෂණය සිදු කළ යුතු බව ඔහු පෙන්වා දෙයි.

    එවැනි වැඩපිළිවෙළක් සැකසීමට සමගි ජන බලවේගය සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 122 වැනි අදියර යටතේ අද අනුරාධපුර කේ. බී. රත්නායක මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

    “රට ගොඩ ගත හැක්කේ ආර්ථික වර්ධනයකින් පමණයි”

    රටේ දරුවන්ගේ සහ දෙමාපියන්ගේ අනාගතය ශක්තිමත් කිරිමට රටට රුපියල් හා ඩොලර් අවශ්‍ය බවත් බංකොලොත් රටක් තුළ මේ ඩොලර් උත්පාදනය කළ හැක්කේ ආර්ථික වර්ධනයක් තුළින් පමණයි. දැනුම කේන්ද්‍රීය, අපනයන කේන්ද්‍රීය ආර්ථිකය හා සෘජු විදේශ ආයෝජන අප රටට ලබා ගන්නා ආර්ථික ක්‍රමවේදයක් හරහා ගරා වැටුණු කඩා වැටුණු දේශය නැවතත් අභිමානවත් මාතෘභූමියක් බවට පත් කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    “අපේ අරමුණ Education First”

    සක්වල වැඩසටහනේ ප්‍රධාන අරමුණ Education First නම් ප්‍රතිපත්තිය බවත් අධ්‍යාපනයට පළමු තැන ලබා දීම තමාගේ ද මුඛ්‍ය අරමුණ වුවත් මේ අධ්‍යාපන ක්‍රමය නූතන වාදී කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    “රජයේ ඩිජිටල් ශ්‍රී ලංකාව ප්‍රභූ පැළැන්තියේ දූදරුවන්ට විතරයි”

    රජය කියන ඩිජිටල් ශ්‍රී ලංකාව ප්‍රභූ පැළැන්තියේ, අධි පොහොසතුන්ගේ දූපුතුන්ට පමණක් නිර්මාණය වන නමුත් නිදහස් අධ්‍යාපනය ලබා දෙන පාසල් 10126 ඉගෙනුම ලබන 41 ලක්ෂයක් දූදරුවන්ට එම වරම නොමැති බවත් දිනපතාම ඒ නිසා මේ දූදරුවන්ගේ මුලික හා මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවත් යල්පැනගින අධ්‍යාපනය තුළ ක්ෂේත්‍ර කිහිපයක් හැරුණු කොට බහුතරයක් දූදරුවන් විරැකියා පෝළිමේ නතර වන බවත් ඔවුන්ට පෞද්ගලික අංශයේවත් රැකියාවක් සොයා ගැනීමට නොහැකි වන බවත් මෙය මහා ඛේදවාචකයක් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

    සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 84 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 85ක් ලබා දී ඇති බව එම පක්ෂය කියයි.

    ඒ සඳහා රුපියල් ලක්ෂ 4142ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 122ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1222ක් වැය කර ඇති බව ද සමගි ජනබලවේගය පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.