fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්ඇෆ්ගනිස්ථානය පරදා විස්සයි20 තරගාවලියේ ජය ලංකාවට

    ඇෆ්ගනිස්ථානය පරදා විස්සයි20 තරගාවලියේ ජය ලංකාවට

    තරග තුනකින් සමන්විත තරගාවලියේ තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී 2-0 ලෙස ඇෆ්ගනිස්ථානය පරාජය කිරීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද (19) සමත්විය.

    රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද පැවති විස්සයි 20 දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 72ක ජයග්‍රහණයක් හිමිවිය.

    පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු හයකට ලකුණු 187ක් ලබා ගත්හ.

    සධීර සමරවික්‍රම පන්දු හතළිස් දෙකක දී ලකුණු 51ක් හා ඇන්ජලෝ මැතිව්ස් පන්දු විසි දෙකක දී නොදැවී ලකුණු 42ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළහ.

    ජයග්‍රහණය හඹා ගිය ඇෆ්ගනිස්ථානයට පන්දුවාර 17ක් අවසානයේ ලබාගත හැතිවූයේ ලකුණු 115ක් පමණි.

    ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 9කට කඩුලු 2ක් දවාගත් අතර බිනුර,වනිදු හා මතීෂ ද කඩුලු දෙක බැගින් බිඳ හෙලූහ.

    මේ අතර නායක වනිඳු හසරංග මෙම තරගයේ දී විස්සයි 20 කඩුලු 100 පසු කළේය.

    ඒ අනුව විස්සයි 20 පිටියේ වේගවත්ම කඩුලු සියය ලබගත් පන්දු යවන්නන් අතර ඔහු දෙවැනි වන්නේ රෂීඩ් කාන් ට පමණි.

    පිත්තෙන් මෙන්ම පන්දුවෙන් දස්කම් පෑ ඇන්ජලෝ මැතිව්ස් තරගයේ වීරයා සම්මානය හිමිකර ගත්තේය.

    ඇෆ්ගනිස්ථානය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරගාවලියේ අවසන් විස්සයි 20 තරගය ලබන 21වැනිදා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.