fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්"බොරු ඉන්දීය විරෝධයට එදා 60,000ක් බිලිදුන්නු අය අද ඉන්දියාවට නෑගම් යනවා"

    “බොරු ඉන්දීය විරෝධයට එදා 60,000ක් බිලිදුන්නු අය අද ඉන්දියාවට නෑගම් යනවා”

    එදා තරුණයින් නොමග යැවූ දේශපාලන බලවේග ඒ සදහා යොදාගත් පංති පහ වෙනස් කර ඉන්දියානු විරෝධය එම පංති පහෙන් ඉවත් කර ඇති බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.

    අවසානයේ ඔවුන් ඉන්දියාව සමග මිතුරු වී, ඉන්දීය විරෝධයට හැටදහසක් ජීවිත බිළිදුන් අය අද ඉන්දියාවට නෑගම් යන බවත් මොනරාගලදී පැවති ජයගමු ශ්‍රී ලංකා වැඩසටහනේ ස්මාර්ට් යූත් වැඩපිළිවෙලට එක්වෙමින් අමාත්‍යවරයා කීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීවේය.

    “මිට ටික වෙලාවකට කලින් කතා කරපු ජගත් පුෂ්ප කුමාර නියෝජ්‍ය මැතිතුමා ඔබට කථාවක් කීවා. ඉතිහාස කථාවක්. ඒ කාලෙත් අපේ තරුණ තරුණියෝ විවිධ කථා කියලා, සුරංගනා ලෝකවල මුලාකරලා දැවන්ත විනාශයක් වුණා. ඉන්දියානු විරෝධයක් ඇතිකරලා අන්තිමට තරුණ තරුණියෝ 60,000 ක් අපේ රටට නැති වුණා. ඒ වෙලාවේ අධ්‍යාපනය වෙනස් කරන්න අධ්‍යාපන ධවල පත්‍රිකාව වගේ නොයෙක් නොයෙක් සංශෝධන ගෙනල්ල තිබුණා. ඒවාට එරෙහිව පාරට බැහැපු අපේ තරුණයෝ, උගත්තු ටික මේ රටේ විශ්වවිද්‍යාලවල හිටපු දක්ෂතමයෝ 60,000 ක් නැති වුනා. ඒත් ඔවුන් පතපු ලෝකය ඔවුනට ලැබිලා තියනවද කියන ප්‍රශ්ණය අපට තියනවා.

    එදා තත්ත්වය අද වන කොට වෙනස් වෙලා තියනවා තරුණයන් නොමග යවපු දේශපාලන බලවෙග ඒකට යොදාගත්ත ප්‍රකට පන්ති පහ අද වෙනකොට වෙනස් කරලා තියනවා. ඉන්දියානු විරෝධය ඒ පන්ති පහෙන් ඉවත් වෙලා තියනවා. අවසානයේ ඒ අය ඉන්දියාව එක්ක ඒ අය මිතුරු වෙලා තියනවා.. ඒත් තරුණ ජිවිත 60,000 ක් රටට නැති වෙලා තියනවා. මම ඒක මතක් කලේ තරුණයන් විදිහට ඔබේ තරුණකම රැඩිකල්කම ඔබේත්, රටේත් යහපතට නොවන දෙවල්වලට නැවත යොදාගන්න සමහර අය උත්සහ ගන්නවා . අන්න ඒ නිසා ඔබ සැම ප්‍රවේසම් කරගන්න එක හරි වටිනවා. කොහොම වුනත් අවුරුදු 75 ක අතීතයට චෝදනා කර කර ඉන්නවාට වඩා මෙතනින් එහාට මේ තරුණයෝ ටික ගොඩනගන්න අපි කළ යුත්තේ මොකක්ද කියන එකයි අපි කල්පනා කළයුත්තේ.

    අන්න ඒ නිසයි අපි ස්මාර්ට් යූත් වැඩසටහන පටන් ගත්තේ. අපි දිසාපතිතුමන්ලාට දැනුවත් කරලා මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව සම්බන්ධවෙලා හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ”ස්මාර්ට් යූත්” කමිටුවක් හැදුවා. සියළුම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල. එම කමිටුවට තමා අපි අනාගතයෙදී කියන්නේ ග්‍රාම නිළධාරී වසමකින් අවම වශයෙන් දස දෙනා ගානේ මෙකට සම්බන්ද කරන්න කියලා අපි කියන්නේ. මේක දීප ව්‍යාප්ත ජාතික වැඩසටහනක් . අද තමයි අපි ආරම්භ කරන්නේ. මෙතනින් එන තරුණයෝ ඉක්මණින්ම රැකියාගත කරලා අනාගත ලෝකයට හරියටම හරියන සුහුරු වැඩකරුවන් පිරිසක් බිහි කිරීම අපේ අරමුනයි.

    අපේ වෘත්තීය පුහුණු ආයතනවල ළමයි මෙතනට ඇවිල්ලා ඉන්නවා. ඒ ළමයි දැනටම තීන්දුවක් වගේ ඇඳගෙන ඉන්නවා වෙනස් වෙන්න. මෙතනට නර්සස්ලාවගේ ඇදගත්ත අය ඇවිත් ඉන්නවා. අනාගත ලෝක‍යෙ කෙයා ගිවින් නර්සස්ලාට ලොකු අවස්තාවක් තියන්වා. ඒවගේ වෘත්තීන්ට අපි පුහුණුව ලබදෙන්න ඕන. වෘත්තීය පුහුණු ආයතන වැඩ පටන් අරගෙන තියනව. එක බොහොම හොඳයි. මම අද උදයේ කතරගම දේවාලයට ගියා. කතරගම දේවාලයේ සල්ලිවලින් දරුවෝ 300 කට කොරියන් භාෂාව උගන්වනවා. හැමෝම පටන් අරගෙන මේ දරුවෝ ගොඩනගන්න.

    කොළඹ හෝටල් පාසලෙන් කතරගමට ඇවිල්ලා තවත් ළමයි 150 කට උගන්වනවා හෝටල් පාඨමාලාවක් . ඒ 150 ටම පුහුණුව නිම වෙනකොටම ශැංග්‍රිලා එකේ රස්සාව දෙන්න පොරොන්දු වෙලා තියෙනවා . මම ඩුබායිවලට ගිහිල්ල එනකොට IWH කියන දැවැන්ත සමාගමත් එක්ක සාකච්ඡාව පවත්වලා ආවේ. ඒ අය සූදානම් මාස හයකට සැරයක් පුහුණුවන සේවකයන් 100 ගානේ ඩුබායි රාජ්‍යය ඇතුළු ලෝකේ හැම තැනම තියෙන ඒ අයගෙ හෝටල්වල රස්සා දෙන්න. හෝටල් ක්ෂේත්‍රයේ විශාල රික්තයක් ඇතිවෙලා තියෙනව. ඒ වගේම සාත්තු සේවයේ වශයෙන් විශාල ප්‍රමාණයකට රැකියා බිහිවෙලා තියනවා. කොරියවේ නැව් ඉදිකිරීමේ ක්ෂේත්‍රයේ. ඊශ්‍රායලයේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට දැනට රැකියා විසිදාහක් දැනට ලැබිලා තියනවා.හොඳ පඩියක් එක්ක යන්න.

    ගිය සිකුරාදා. ඊශ්‍රායලයේ ප්‍රවාහන ඇමතිතුමිය ඇවිල්ල මාව හම්බ වුණා.දැවැන්ත ව්‍යාපෘති සඳහා පුහුණු ශ්‍රමිකයන් ඉල්ලනවා. ලෝකෙට ගැලපෙන පුහුණුව සමග එතනට යන මනස හදාගැනීමට අපි උගන්වනවා. නැතිව ලෝකයට වෛර කරන දිය දියව් කෑලි කපා අපට දියව් කියමින් අරගල කරන බොරු වීරයන්ට බෑ ඔබේ අනාගතය විසඳන්න.”

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.