තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වෛද්‍ය බෙල්ලනගේ ප්‍රශ්නේ ගැන විමර්ශනයක්

    වෛද්‍ය බෙල්ලනගේ ප්‍රශ්නේ ගැන විමර්ශනයක්

    කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා එම තනතුරෙන් ඉවත් කරන ලෙස එහි සේවක පිරිසක් කරනු ලබන ඉල්ලීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා නියෝග කර තිබේ.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයාට තමා මේ බව දැන්වූයේ යැයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පවත්වාගෙන යාම සඳහා දැනට සේවය කරන සියලුම සේවකයන්ගේ සහාය අත්‍යවශ්‍ය බවත් රුක්ෂාන් බෙල්ලනගේ ප්‍රකාශ තමා ප්‍රතික්ෂේප කරන බවයි.

    කනිෂ්ඨ ජ්‍යෙෂ්ඨ යනුවෙන් කිසිදු භේදයකින් තොරව සෞඛ්‍ය ක්ෂේත්‍රයට සියලු දෙනාගේ සේවය අත්‍යවශ්‍ය බව අමාත්‍යවරයා අවධාරණය කර සිටී.

    මෙය රට මෙන්ම ජනතාවද පීඩාවට පත්ව ඇති මොහොතක් බැවින් සෞඛ්‍ය සේවය කඩාවැටීම වැළැක්වීම සඳහා සියලු දෙනාම හොඳින් සිතා බලා කටයුතු කරමින් සහාය දෙන ලෙස හෙතෙම ඉල්ලීමක් කරයි.

    වෘත්තිය සමිතිවල ඉල්ලීමට අදාළ මුදල් අමාත්‍යාංශය සමග සමග සාකච්ඡාවකට පහසුකම් සලසා ඇති බව ද එබැවින් තීන්දුව ගතයුත්තේ මුදල් අමාත්‍යංශය බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයට කළ ඊට අවශ්‍ය පසුබිම සලසා දීම පමණක් බවත් අමාත්‍යවරයා මෙහිදී කීය.

    පසුගිය දිනවල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිය සමිති 72ක් එක්ව සිදුකරනු ලැබූ වැඩ වර්ජනයට හේතුව ඉල්ලීම් සම්බන්ධයෙන් අද අදාළ වෘත්තිය සමිති සහ මුදල් අමාත්‍යංශය අතර සාකච්ඡාවක් පැවැත්වේ.

    සාකච්ඡා අසාර්ථක වුවහොත් යළි වර්ජනය සිදුකරන බව වෘත්තිය සමිති පවසා තිබුණි.

    වෛද්‍යවරු හැර සෙසු සේවාවන් විසින් කරන ලද මෙම වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රටපුරා රෝහල් ගණනාවක් විසින් කටයුතු පවත්වාගෙන ගියේ යුද හමුදා භටපිරිස් මැදිහත්වීමෙනි.

    සුළු සේවකයින් සෞඛ්‍ය සේවාවට අත්‍යාවශ්‍ය නොවන බව පවසමින් පසුගියදා වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන විසින් කළ අපහාසාත්මක ප්‍රකාශවලට වි‍රෝධය පළකරමින් කොළඹ ජාතික රෝහලේදී එහි සුළුසේවක පිරිසක් වෛද්‍යවරයා කාර්යාලයේ රඳවාගෙන විරෝධයක් එල්ල කළ අතර එය පාලනය කිරීමට පොලිස් කැරළි මර්දන ඒකකය කැඳවීමට ද සිදුවිය.

    සබැඳි පුවත්
    වෛද්‍ය බෙල්ලනගේ ‘අයිසේ තමුසෙලා..’ කාර්යාලය වටලති -පාලනය කැරළි මර්දනයෙන් (📹)

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img