fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්දෙසැම්බරයේ සංචාරක පැමිණීමෙන් වාර්තාවක්

    දෙසැම්බරයේ සංචාරක පැමිණීමෙන් වාර්තාවක්

    2023 දෙසැම්බර් මාසය තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් ප්‍රමාණය 210,352 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

    එය පසුගිය වසරේ (2023 ) වැඩිම සංචාරකයින් පිරිසක් ලංකාවට පැමිණ ඇති මාසයයි.

    සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසා තිබුණේ ගෙවී ගිය වසර 4ක කාලය තුළ මාසයක් තුළදී මෙරටට පැමිණී වැඩිම සංචාරකයින් සංඛ්‍යාව ගෙවුණු දෙසැම්බරයේ පැමිණ ඇති බවයි.

    ඒ අනුව 2023 වසරේ මෙරටට පැමිණි සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 1,487,303 ක් වේ.

    එය රජයේ මේ වසරේ මුල් ඉලක්කය වූ ලක්ෂ 15 ආසන්නයට පැමිණ තිබීම ද විශේෂත්වයකි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.