fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මාර්ගය අවහිර වූ දියගල තවදුරටත් නායයාමේ අවදානමක

    මාර්ගය අවහිර වූ දියගල තවදුරටත් නායයාමේ අවදානමක

    මාර්ගයට පස්කන්දක් කඩාවැටීම හේතුවෙන් හැටන්-කොළඹ ඒ-7 ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන් අවහිර වී ඇති රථවාහන ධාවනය, යළි එහි නායයාමේ අවදානම පවතින බැවින් තවදුරටත් විකල්ප මාර්ග භාවිත කරන ලෙස බලධාරීහු දැනුම් දෙති.

    මෙම ස්ථානය අවට තවත් පස්කඳු කඩාවැටීමේ අවදානමක් ද පවතින බව සඳහන් ය.

    කොළඹ සිට පැමිණෙන වාහන ලක්ෂපාන නෝටන්බ්‍රිජ් මාර්ගයෙන් හැටන් වෙත පැමිණීමට හැකියාව පවතින බව පොලිසිය පැවසීය.

    මහනුවර සිට පැමිණෙන රථවාහනවලට නාවලපිටිය දිඹුලපතන තලවකැලේ මාර්ගය භාවිත කිරීමේ හැකියාව පවතින බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

    මේ අතර දෙනියාය-රත්නපුර මාර්ගයට පස් කන්දක් කඩාවැටීමෙන් එම මාර්ගයේ රථවාහන ධාවනය සම්පූර්ණයෙන් ඇණහිට තිබේ.

    එම මාර්ගයේ අනිල්කන්ද ප්‍රදේශයේ 86වන කිලෝමීටර් කණුව ආසන්නයෙන් මාර්ගයට මෙලෙස පස්කන්ද කඩාවැටී ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.