fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අලුත උපන් නිවුන්නු මිලට ගත් කතුන් රිමාන්ඩ්

    අලුත උපන් නිවුන්නු මිලට ගත් කතුන් රිමාන්ඩ්

    අලුත උපන් නිවුන් දරුවන් මිලදී ගත් සැකකාරියන් දෙදෙනා වැලිසර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව හෙට (08) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් බිළිඳුන්ගේ 29 හැවිරිදි මව සහ සෙසු කාන්තාවන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණි.

    බිළිඳුන් දෙදෙනා ඔවුන්ගේ මව සමග රාගම රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ රඳවා සිටී.

    දින 08ක් වයසැති එම එක් බිළිඳකු පොළොන්නරුව ප්‍රදේශයට විකුණා ඇත්තේ රුපියල් 25,000ක මුදලකටය.

    රාගම පොලීසියේ ස්ථානාධිපතිවරයාට නිර්නාමිකව ලැබුණු තොරතුරක් අනුව රාගම නාරංගොඩපාලුව විහාර මාවතේ නිවසක් සෝදිසි කිරීමේදී අලුත උපන් බිළිඳෙකු සොයාගෙන තිබුණි.

    ඒ අනුව එම නිවසේ කාන්තාවගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී හෙළිව ඇත්තේ බිළිඳා අතිදැඩිකිරීම සඳහා බිළිඳාගේ මවගෙන් නීත්‍යානුකූල නොවන ලෙස ලබාගත් බව ය.

    පිළියන්දල ප්‍රදේශයේ පදිංචි මෙම බිළිඳුන්ගේ මව කොළඹ කාසල් රෝහලේදී මෙම නිවුන් දරුවන් බිහිකර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.