fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්මී මැසි පාලනය ප්‍රචලිත කිරීමට නාවික හමුදා ව පෙරට එයි

    මී මැසි පාලනය ප්‍රචලිත කිරීමට නාවික හමුදා ව පෙරට එයි

    මී මැසි පාලනය ප්‍රචලිත කිරිමේ අරමුණින් ත්‍රිකුණාමලය නාවික තටාකාංගනයේ පවත්වාගෙන යනු ලබන මී මැසි පාලන ව්‍යාපෘතියෙහි 50 වන මී මැසි ජනපදය ස්ථාපිත කිරීමට ලෝක මීමැසි දිනය යෙදී තිබුණු ඊයේ (20) දිනයේ නාවික හමුදාව පියවර ගත්තේය.

    එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මී මැසි ජනපද රැක ගැනීම උදෙසා ලොව පුරා මී මැසි පාලනය ප්‍රචලිත කිරිමේ අරමුණින් සෑම වර්ෂයකම මැයි 20 දින ලෝක මී මැසි දිනය ලෙස නම් කර ඇත.

    පරාග කාරකයෙකු වශයෙන් මී මැස්සන් මුළු මහත් පරිසර පද්ධතියට සහ එහි ජෛව විවිධත්වයට මෙන්ම ආහාර සුරක්‍ෂිතතාවය වෙනුවෙන් ද සිදු කරනු ලබන සුවිශාල දායකත්වය සම්බන්ධයෙන් ලෝක අවධානය ලබා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙසේ මී මැසි දිනයක් නම්කර තිබේ.

    ඒ අනුව ස්වාභාවික හරිත පරිසර පද්ධතියකින් සමන්විත ත්‍රිකුණාමලය නාවික ත‍ටාකාංගනයේ “Project Navy Bees” නමින් 2021 ජනවාරි මස ආරම්භ කෙරුණු මීමැසි ජනපද ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියේ දිගුවක් ලෙස ලෝක මී මැසි දිනයට සමඟාමීව එහි 50 වන මී මැසි ජනපදය ස්ථාපිත කිරිම ත්‍රිකුණාමලය නාවික තටාකාංගනයේ Chapel Hill හි දී සිදු කළ බව නාවික හමුදාව සදහන් කරයි.

    මෙම ව්‍යාපෘතිය යටතේ ත්‍රිකුණාමලය නාවික තටාකාංගණ පරිශ්‍රයේ සහ සෝබ දුපතෙහි විවිධ ස්ථානයන්හි මී මැසි ජනපද ස්ථාපිත කර ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ ත්‍රිකුණාමලය නාවික තටාකාංගන පරිශ්‍රයෙහි මී මැසි ජනපද පුමාණය 100 දක්වා ව්‍යාප්ත කිරීමට අපේක්‍ෂා කරන බව නාවික හමුුදාව සදහන් කරයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.