fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගාසා තීරය තාවකාලිකව භාරගන්නැයි කී ඇමරිකානු යෝජනාව ඊජිප්තුව ප්‍රතික්ෂේප කරයි

    ගාසා තීරය තාවකාලිකව භාරගන්නැයි කී ඇමරිකානු යෝජනාව ඊජිප්තුව ප්‍රතික්ෂේප කරයි

     
    වත්මන් පලස්තීන ඊශ්‍රායල ගැටුම අවසන්වීමෙන් පසු පලස්තීන ජාතික අධිකාරිය එම ප්‍ර‍දේශය භාර ගැනීමට පෙර, ඊජිප්තුව විසින් ගාසා තීරයේ ආරක්ෂාව භාර ගත යුතු බවට ඇමරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සිය ඉදිරිපත් කළ යෝජනාව ඊජිප්තු ජනාධිපති Abdel Fattah al Sisi මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇත.

    ඊශ්‍රායල ටයිම්ස් පුවත්පත අද (9) පළ කළ වාර්තාවක මේ බව සඳහන් වේ.
     
    හමාස් සංවිධානයට එරෙහි මෙහෙයුම්වල දී ඊජිප්තුව කාර්යභාරයක් ඉටු නොකරන බවත්, එම සංවිධානය මෑත වසරවල ඊජිප්තුව සමග සහ ගාසා තීරයේ දේශසීමා මායිම්වල සාමය පවත්වාගෙන ඇති බවත් ඊජිප්තු ජනාධිපතිවරයා 7 වැනිදා ඇමරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සියේ ප්‍රධානි William Joseph Burns සමග සාකච්ඡාවක දී පැවසූ බව ද වාර්තා වේ. 

    The Wall Street Journal පුවත්පත ඊජිප්තු උසස් නිලධාරියෙකුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඒ පිළිබඳව වාර්තා කර ඇත.
     
    ඇමරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සිය මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර තිබේ.

    NewsWave බීජිං වාර්තාකරු

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.