fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්දියාව අභ්‍යාවකාශ ඉතිහාසයට එක්වෙයි: චන්ද්‍රයාන්-3 සඳ මතට

    ඉන්දියාව අභ්‍යාවකාශ ඉතිහාසයට එක්වෙයි: චන්ද්‍රයාන්-3 සඳ මතට

    ඉන්දීය අභ්‍යාවකාශ පර්යේෂණ ආයතනය විසින් සිය චන්ද්‍රයාන්-3 යානය මීට සුළු මොහොතකට පෙර සඳ මතට ඉතා සාර්ථකව ගොඩ බැස්සවීමට සමත්විය.

    ඒ අනුව ලොව සඳ තරණය කළ සව්වන රට බවට පත්වෙමින් ඉතිහාස පොත් අලුත් කිරීමට ඉන්දියාව සමත්වූ අතර එම ගොස් බැස්වීම ඉතා සාර්ථක ගොඩ බැස්වීමක් බවත් බලාපොරොත්තු වූ පරිදිම සිදු බවත් ඉන්දීය අභාවකාශ පර්යේෂණ ආයතනයේ ප්‍රධානී එස්. සෝමනාත් මහතා මාධ්‍ය වෙත පැවසීය.

    චන්ද්‍රයාන් 3 තුන ගොඩ බැස්සවීම ඉන්දීය අභ්‍යාවකාෂ පර්යේෂණ ඉතිහාසයේ සිදුවූ සුවිශේෂීම ජයග්‍රහනයක් බවද පැවසූ ඒ මහතා ඊට සහය දුන් සියලුදෙනාටමත් සමස්ථ ඉන්දිය ජනතාවටත් සිය ස්තූතිය පළ කළේය.

    යානය සාර්ථක ගොඩ බැස්වීම ඉන්දියාව පුරා ප්‍රදේශ රැසක පුළුල් තිර මත සජීවිව විකාශය කළ අතර එය දැක බලා ගැනීමට දහස් සංඛ්‍යාත් ජනතාවක් එක්ව සිටියහ. චන්ද්‍රයාන් 3 සාර්ථකව ගොස්බැස්වීම නිවේදනය කිරීමත් සමඟ ඉන්දියානුවන් සිය ජාතික ධජය සහිතව ජය සැමරූ ආකාරය ඉන්දීය මාධ්‍ය ආයතන විසින් වාර්තා කරනු ලැබීය.

    මේවන විට දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරකවී සිටින ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදී දුරකථනයෙන් සම්බන්ධ වී ඉන්දීය අභ්‍යාවකාශ පර්යේෂණ ආයතනයේ ප්‍රධානී එස්. සෝමනාත් හට සුබ පැතුම් එක්ක කළේය. එහිදී ඉන්දීය අග්‍රමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ මෙය නව ඉන්දියාවේ නව ගමන මඟ සනිටුහන් කරන වැදගත් සන්දිස්ථානයක් බවයි.

    චන්ද්‍රයාන්-3 ගොඩබැසීමේ ස්ථානය ඉතිහාසයේ වෙනත් කිසිදු අභ්‍යවකාශ යානයකට වඩා සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට සමීප වේ. දක්ෂිණ ධ්‍රැව කලාපය ප්‍රධාන විද්‍යාත්මක හා උපායමාර්ගික උනන්දුවක් දක්වන ප්‍රදේශයක් ලෙස සැලකේ, විද්‍යාඥයන් විශ්වාස කරන්නේ එම කලාපය ජල අයිස් නිධි පැවතීමට හැකියාවක් පවතින බවයි.

    ඉන්දියාව 2019 වර්ෂයේ චන්ද්‍රයාන් 2 යොදා ගනිමින් සඳ තරණයට උත්සහ කළද එය සඳ මත ගොඩබෑම අසාර්ථක විය.
    චන්ද්‍රයාන් 3 සදේහි වැදගත් ගවේෂණ රැසක් කිරීමට නියමිත බවද ඉන්දීය අභ්‍යාවකාශ පර්යේෂණ ආයතනයේ ප්‍රධානී වැඩිදුරටත් පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.