තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉපැරැණි විහාර බිතුසිතුවම් ඩිජිටල්කරණය ඇරඹෙයි

    ඉපැරැණි විහාර බිතුසිතුවම් ඩිජිටල්කරණය ඇරඹෙයි

    මෙරට ඉපැරැණි විහාර බිතුසිතුවම් ඩිජිටල්කරණය කොට සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

    ඒ බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය විසිනි.

    මෙහි සමාරම්භක උත්සවය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) කිරිබත්ගොඩ සුදර්ශනාරාමයේදී පැවතුණි.

    මෙම ව්‍යාපෘතිය මගින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති පැරණි විහාරස්ථාන 874ක බිතුසිතුවම් සංරක්ෂණය කිරීමට නියමිතය.

    අනතුරුව ඒවා සිතුවම් හා බිතුසිතුවම් සංරක්ෂණ හා පර්යේෂණ මධ්‍යස්ථානයේ තැන්පත් කෙරේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img