fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්GOSSIPලොවක් නසන වැස්සක් - ලොවක් රකින මෙහෙයුමක් 'The Wacky'

    ලොවක් නසන වැස්සක් – ලොවක් රකින මෙහෙයුමක් ‘The Wacky’

    අකුණු පුපුරණ, මහ වැසි සහිත දිනක තෙතබරිත වු සිසුවියක සිය පන්ති කාමරය සොයමින් තනිව පා තබයි.

    ඇදහැලෙන අධික වර්ෂාවෙන් පිටතට යා නොහැකිව තවත් සිසුන් පිරිසක් නම පන්ති කාමරය තුළ සිරවී සිටී.

    බියෙන් සලිත වී හුස්ම සිරවීමට ඔන්න මෙන්න තිබියදී වැසි අතරේ පන්තියට පැමිණෙන ගුරුවරියගෙන් අසන්නට ලැබෙන්නේ ‍මින් පෙර කවරදාකවත් නොඇසූ, අතිශය භයානක පුවතකි.

    එතැන් සිදුවන සිදුවීම් දාමයම තත්පරෙන් තත්පරය ගැහෙන හදවතින් යුතුව, මරණයේ සෙවනැලි දකිමින්, ජීවත් වෙන්නට තවත් එක් නිමේෂයක් සොයායන දරුවන් කැලකගේ මෙහෙයුමකි.

    පිටත සිදුවන භයානක දෙයින් ලෝකය බේරාගැනීමට මේ දරුවන් පිරිසට හැකිවෙයිද? පෙර නොවූ විරූ අයුරකින් දියත් වන මේ මෙහෙයුමට අඩුම තරමින් තමන්වත් බේරාගැනීමට ‍හැකිවෙයිද?

    මේ ඔවුන්ගේ කතාවයි..

    මෙරට සිනමා ඉතිහාසයට නව මානයක් එක් කරන The Wacky (Moments of the Flipped Classroom) සිනමා පටයේ මංගල දර්ශනය පසුගිය 15 වනදා පැවැත්විණ.

    රිදී තිරයෙන් ඔබ්බට මේ දූපතෙන් එහා ලෝකය ජයගැනීමට වෙහෙසෙන නවමු ආකාරයේ මෙහෙවරක එක් වෑයමක් ලෙස The Wacky හැඳින්විය හැකිය.

    සමෘද්ධි රණසිංහගේ අධ්‍යක්ෂණයෙන් යුතුව, සරත් කරුණාරත්න සහ කෞෂි සිරිවර්ධනගේ තිර පිටපතින්, The Wacky සිනමාපටය ජාතික ව්‍යපාර කළමනාකරණ ආයතනයේ (NIBM) නිර්මාණ වෑයමකි.

    මෙහි විශේෂත්වය වන්නේ විනාඩි 40ක් පුරා දිවෙන මෙහි රගන නලු නිළියන් සියලු දෙනාම පාහේ රංගන ක්ෂේත්‍රයට ආධුනික වන, එහි සිසුන් විසින්ම රඟදැක්වීම අතර, එහි දර්ශන තලය ද එම ආයතන පරිශ්‍රයේම වීමයි.

    ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනයේ (NIBM) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කුලසූරිය මහතා විසින් වසර දෙකකට පෙර NIBM වෙත හඳුන්වා දුන් Outcome – Based Learning ( 0BL) හෙවත් ප්‍රතිඵල මත පදනම් වූ ඉගෙනුම් අධ්‍යාපන ක්‍රමය, මෙම සිනමාපටයේ හරය ලෙස ගෙනහැර දැක්විය හැකි ය.

    මුළුමහත් අධ්‍යාපන ක්ෂේත්‍රයම නවමු මාවතකට යොමුකරමින් වඩාත් ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රමයක් ඔස්සේ ලෝකය හා එක්ව ගමනක යෙදිය හැකි මාවත මෙම සිනමාපටයෙන් හුවාදක්වයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.