fbpx
තවත්
    මුල් පිටුවCOVIDලොව වැඩිම එන්නත් කළ රටේ කොරෝනා ආසාදිතයින්‌ ඉහළට

    ලොව වැඩිම එන්නත් කළ රටේ කොරෝනා ආසාදිතයින්‌ ඉහළට

    කොරෝනා වෛරසයට එරෙහිව වෙනත් කිසිදු රටකට වඩා ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක් එන්නත් කර ඇති සීෂෙල්ස් රාජ්‍යය තුළ කොවිඩ් -19 ආසාදනවල නව වැඩිවීමක් පෙන්නුම් කරන බව එරට වාර්තා පවසයි.

    ජනගහනයෙන් 60% කට වඩා වැඩි ප්‍රමාණයක් රජය විසින් එන්නත් කිරීමෙන් පසුව දූපත් වල අලුත් ආසාදන වැඩිවීම කම්පනයක් බව එරට වාර්තා පෙන්වා දෙයි.

    දූපත් රාජ්‍යයක් වන සීෂෙල්ස් හි ලක්ෂයක් පමණ වන ඉතා කුඩා සමස්ත ජනගහනයෙන් 38,000 කට පමණ චීන රජය සතු සමාගමක් විසින් නිෂ්පාදනය කළ සිනොෆාම් එන්නත ලබාදුන් අතර ඉතිරි අයට ඉන්දියාවේ සේරම් ආයතනයේ නිෂ්පාදනය කරන ලද ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදී තිබුණි.

    එහි මුළු ජනගහනයෙන් බහුතරයකට චීනයේ නිෂ්පාදනය කළ සිනොෆාම් එන්නත ලබාදුන් පසුව ඔවුන් අතර ද කොවිඩ් ආසාදනය වීම නිසා දැන් දැන් එම එන්නතේ ඵලදායීතාවය පිළිබඳ ප්‍රශ්න මතු වී ඇත.

    එරට Covid-19 රෝග ලක්‍ෂණ ආසාදිතයින් දෛනිකව රෝගීන් 300 කට වඩා වැඩි වී ඇත. සමස්ත එකතුව 8,172 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    නැඟෙනහිර අප්‍රිකානු දුපත් සමූහයක් සමග පිහිටි භූගෝලීය වශයෙන් හුදෙකලා වූ ජාතියකට වත්මන් තත්ත්වය බාහිර ගැටළුවකි. නව ප්‍රවණතාව හමුවේ සීෂෙල්ස් හි දෛනික කොවිඩ් අනුපාතය ඉන්දියාවේ පැතිරීමට වඩා අනුපාතිකව වැඩිය.

    වික්ටෝරියා අගනුවර රෝහල් රෝගීන්ගෙන් පිරී ඉතිරී ගිය හෙයින්, සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කොවිඩ් -19 සඳහා ධනාත්මකද යන පරීක්‍ෂණයක් කළ අය නිවසේ සිටම ප්‍රතිකාර කළ යුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ නිකුත් කළේය.

    රජය වැඩි වශයෙන් උත්සුක වන්නේ තාවකාලික ප්‍රතිකාර මධ්‍යස්ථාන ඉදිකිරීමටයි.

    මේ තත්ත්වය මත රට අගුලු දැමීමේ පියවර නැවත ක්‍රියාත්මක කිරීමට රජයට සිදුවී ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.