fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මෙරට ලොකුම දොඹකරය ට්‍රක් 42කින් මන්නාරමට

    මෙරට ලොකුම දොඹකරය ට්‍රක් 42කින් මන්නාරමට

    ශ්‍රී ලංකාවේ දැනට ඇති විශාලතම ධාරිතාවයෙන් යුත් ක්‍රෝලර් දොඹකරය (Crawler crane) මේ වන විට මන්නාරමේ ‘Hiruras’ සුළං වැඩ ආරම්භකර තිබේ.

    හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) ගොඩබාන ලද ටොන් 750ක එසවුම් ධාරිතාවකින් යුත් මෙම දොඹකරය, පළමුව ජපානය විසින් භාවිතා කරන කරන ලද ජර්මනියේ නිෂ්පාදිත ‘ලීබර්’ වර්ගයේ එකකි.

    ටොන් 1000 ක බරකින් යුත් කොටස් වලින් සමන්විත වූ ක්‍රෝලර් දොඹකරය ගොඩබෑම සඳහා හම්බන්තොට වරායට ගතවී ඇත්තේ එක් දිනක් පමණි. ගොඩබෑ දොඹකර කොටස් ට්‍රක් රථ 42ක පටවා, එකලස් කිරීම සඳහා මන්නාරම ව්‍යාපෘති භූමියට ගෙන යන ලද්දේද විශේෂ රථවාහන මෙහෙයුමක් දියත්කරමිනි. හම්බන්තොට වරායේ සිට මන්නාරම ව්‍යාපෘති භූමියට මෙම දොඹකර කොටස් රැගෙන යාමට ගතවූ කාලය දින දෙකකි.

    ශ්‍රී ලංකාවේ විශාලතම කුලී දොඹකර ය වන මෙම දොඹකරය මෙරටට ආනයනය කළ සමාගම වන රේන්බෝ ලංකා (පුද්ගලික) සමාගමේ හිමිකරු කීර්ති මන්ත්‍රීරත්න මහතා පැවසූයේ, “ශ්‍රී ලංකාවේ විශාලතම ක්‍රෝලර් දොඹකරය වැනි සියුම් හැසිරවීමක් අවශ්‍ය බර උපකරණ ආනයනය කිරීමේදී වරාය වඩාත් උචිත තේරීමක් වීමට ප්‍රධාන හේතුව, ඉහළ සෞඛ්‍ය සහ ආරක්‍ෂා ප්‍රමිතීන් සහ හදිසි අනතුරුවලින් තොර මෙහෙයුම් සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරාය දරන ප්‍රසිද්ධියයි. මෙතරම් විශාල දොඹකරයක් ජපානය විසින් අපනයනය කළ පළමු අවස්ථාවයි මේ. මෙවැනි ධාරිතාවකින් යුත් දොඹකර ජපානයේ ඇත්තේ සුළු ප්‍රමාණයක් වන අතර මුළු දකුණු ආසියාවේම තිබෙන්නේ තුනක් පමණි. හම්බන්තොට ජාත්‍යන්තර වරාය අලෙවිකරණ කණ්ඩායම, ජපානය සංචාරයකදී වරාය සතු දක්ෂතා ගැන සිදු කළ පැහැදිලි කිරීමකින් පසුව, හම්බන්තොට ජාත්‍යන්තර වරාය වෙත දොඹකරය නැව්ගත කිරීමට අප තීරණය කළා.”

    “හම්බන්තොට ජාත්‍යන්තර වරාය දැනටමත් වාහන ප්‍රතිනැව්ගත කිරීමේ (RORO) හැකියාවන් සඳහා කීර්තිමත් නාමයක් දිනා ඇත. එනිසාම, සියලුම වර්ගයේ වාහන හැසිරවීමට වරායට ඇති හැකියාව අපි ජාත්‍යන්තර වෙළඳපොලේ පුළුල් ලෙස ප්‍රවර්ධනය කරමින් සිටිමු. මෙම දොඹකරය වැනි බර උපකරණයක් සීරුවෙන් වරායේ ගොඩ බාන ලද ආකාරය හම්බන්තොට ජාත්‍යන්තර වරාය‍ෙහි හැකියාවට, කදිම නිදසුනකි. වරායට පැමිණෙන බර උපකරණ පැතලි බහාලුම් මත ප්‍රවාහනය නොකර ඒ වෙනුවට ට්‍රේලර් හරහා අදාළ යාත්‍රාවල සහ ඉන් පිටත ධාවනය වනවා. එමගින් ආරක්ෂිතව, අනතුරු අවම කර අපගේ ක්‍රියාකාරකම් සිදු කිරීමට පුළුවන්. මෙම ක්‍රියාමාර්ග, බර උපකරණ වඩාත් ආරක්ෂිතව ප්‍රතිනැව්ගත කිරීමට පවා උපකාර වනවා,” යැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය පුද්ගලික සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා මෙම දොඹකර මෙහෙයුම ගැන සඳහන් කරනු ලැබුවේ එවන් කථාවකි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.