fbpx
තවත්
    මුල් පිටුවspecialනවදිල්ලි සහ මුම්බායි BBC කාර්යාලවලට ඉන්දීය ආදායම්බදු නිලධාරීන් කඩාවදී

    නවදිල්ලි සහ මුම්බායි BBC කාර්යාලවලට ඉන්දීය ආදායම්බදු නිලධාරීන් කඩාවදී

    ඉන්දීය ආදායම් බදු නිලධාරීන් විසින් අද දින නවදිල්ලියේ සහ මුම්බායි හී පිහිටි බීබීසී පුවත් සේවයේ කාර්යංශයන් සෝදිසි කර ඇති බවට එම පුවත් සේවය සඳහන් කරයි.

    බීබීසි පුවත් සේවය මෙම සෝදිසි කිරීම සම්බන්ධයෙසන් ප්‍රකාශ කර ඇත්තේ ඉන්දීය අග්‍රාමත්‍ය නිරේන්ද්‍ර මෝදීගේ ක්‍රියා කළාපයන් විවේචනය කරමින් එම පුවත් සේවය වාර්තා චිත්‍රපටයක් විකාශය කිරීමෙන් අනතරුව මෙම සෝදිසි කිරීමට සිදුව ඇති බවයි.
    එහිදී බීබීසීය කියා සිටියේ තමන් බලධාරීන් සමඟ “සම්පූර්ණයෙන්ම සහයෝගයෙන් කටයුතු කරන” බවයි.“මෙම තත්ත්වය හැකි ඉක්මනින් විසඳා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා,” පුවත් සේවය නිකුත් කළ කෙටි ප්‍රකාශයක් වැඩිදුරටත් සඳහන් කළේය.

    ඉන්දීය අග්‍රමාත්‍යවරයා පිළිබඳ වාර්තා චිත්‍රපටය රූපවාහිනියෙන් විකාශය කෙරුනේ එක්සත් රාජධානියේ පමණක් වුවද, ඉන්දියානු රජය විසින් ඉන්දියාව එම වැඩසටහන ඉන්දියාවේ ප්‍රචාරයක කිරීම වැලැක්වීමට ඉන්දීය රජය පියවර ගෙන තිබිණි.

    ඒ අනුව පසුගිය මාසයේදී දිල්ලියේ පොලිසිය චිත්‍රපටය නැරඹීමට සිසුන් රැස්ව සිටියදී රඳවා තබා ගත් අතර එහිදී දැඩි උණුසුම් තත්ත්වයක්ද නිර්මාණය විය.

    අග්‍රාමත්‍ය මෝදි 2002 දී ගුජරාට් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයාව සිටියදී මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් අගමැතිවරයාගේ භූමිකාව පිළිබඳව වාර්තා චිත්‍රපටිය අවධානය යොමු කර තිබිණි.
    විපක්ෂයේ කොන්ග්‍රස් පක්ෂයේ ප්‍රධාන ලේකම් කේසී වෙනුගෝපාල් පැවසුවේ ” මෝඩි රජය විවේචනවලට බිය වන බව පෙන්නුම් කරන” බවයි.

    “මෙම බිය ගැන්වීමේ උපක්‍රම අපි දැඩි ලෙස හෙළා දකිනවා. මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ ඒකාධිපති ආකල්පය තවදුරටත් පැවතිය නොහැක,” ඔහු සිට ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.

    නමුත් මෝදිගේ පාලක භාරතීය ජනතා පක්ෂයේ (BJP) ප්‍රකාශකයෙකු වන ගරුව් භාටියා බීබීසීය “ලෝකයේ වඩාත්ම දූෂිතම සංවිධානය” ලෙස විස්තර කළේය.

    “ඉන්දියාව සෑම සංවිධානයකටම අවස්ථාවක් ලබා දෙන රටක්”, “ඔබ වස විස නොගසන තාක් කල්” ඔහු පැවසීය.
    සෝදිසි කිරීම් නීත්‍යානුකූල බවත් කාලය රජය සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ඔහු පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.