fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සිසුන්ට මත්වෙන කරල් විකුණූ බදුල්ලේ දොස්තර STF අත්අඩංගුවට

    සිසුන්ට මත්වෙන කරල් විකුණූ බදුල්ලේ දොස්තර STF අත්අඩංගුවට

    පාසල් සිසුන් සහ මත්කුඩු ලෝලීන් ඉලක්කරගෙන වේදනා නාශක ඖෂධයක් මත්ද්‍රව්‍යක් ලෙස භාවිතා කිරීමට අලෙවි කරමින් සිටි බදුල්ල රෝහලේ සේවයේ නිරතව සිටින වෛද්‍යවරයෙකුව පොලිස් විශේෂ කාර්ය බලකායේ පස්සර කදවුරේ නිලධාරින් කණ්ඩායමක් විසින් ඊයේ අත්අඩංගුවට ගත්තේය.

    පුද්ගලික ඔත්තුකරුවෙකුගෙන්, නීති විරෝධී මත්පෙති හා ගංජා පාසැල් ළමුන් ඉලක්ක කර ගනිමින් අලෙවි කරණ පුද්ගලයෙකු සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව වහා ක්‍රියාත්මක වූ නිලධාරීන් සිදු කරණ ලද වැටලීමක දී එම මත් කරල් 145 නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව සන්තකයේ තබාගෙන කාර් රථයෙන් ගමන් කරමින් සිටි මයිලගස්තැන්න‍, බදුල්ල ප්‍රදේශයේ පදිංචි වයස 44 ක් වන බදුල්ල මහ රෝහලේ සේවය කරන වෛද්‍යවරයාව අත්අඩංගුවටගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

    වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම වෛද්‍යවරයාව බදුල්ල පොලිස් ස්ථානය වෙත භාරදුන් බවද විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

    විශේෂ කාර්ය බලකාය පස්සර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී දයාරත්න මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය පස්සර කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ඩී.ආර්.එම්.එස්. හේමවංශ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම කර තිබේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.