තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෝඨාභයගේ කාලේ ගත් වැරදි ආර්ථික තීන්දු ගැන ‍හොයන්න විගණනයක්

    ගෝඨාභයගේ කාලේ ගත් වැරදි ආර්ථික තීන්දු ගැන ‍හොයන්න විගණනයක්

    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය යටතේ ගත් වැරදි ආර්ථික කළමනාකරණ තීරණ නිසා ජනාතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි කියමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක විභාගයට අවසර දෙමින් කළ නියෝගය මත විශේෂ විගණනයක් ආරම්භ කළ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

    විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා සඳහන් කළේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය මත පදනම්ව අදාළ විමර්ශනය ක්‍රියාත්මක බවය.

    ඒ සඳහා නියෝජ්‍ය විගණකාධිපතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් අනියුක්ත කර තිබේ.

    ඩොලරය රුපියල් 203 සීමාවේ පවත්වාගෙන යාම මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීමේ ප්‍රමාදය, මේ වසරේ ජනවාරි 18 වැනි දා අමෙරිකානු ඩොලර් මිලියන 500ක ස්වෛරී බැඳුම්කර ආපසු ගෙවීම සම්බන්ධයෙන් එහිදී විගණනයට ලක් කෙරෙනු ඇති.

    අදාළ විගණනයට අදාළ තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සහ මහා භාණ්ඩාගාරයෙන් ලබා ගන්නා බව විගණකාධිපතිවරයා සඳහන් කළේ ය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img